සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බටහිර ප්‍රදේශයේ රන් ආකරයක් නායයෑමක් හේතුවෙන් කඩා වැටීමෙන් පුද්ගලයන් 100කට අධික පිරිසක් මියගොස් තිබේ.
කැමරූන් දේශසීමාව ආසන්නයේ Zamboye ප්‍රදේශයේ පිහිටි මෙම කුඩා පරිමාණ රන් ආකරයේ සිදුවූ අනතුරින් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර, කිහිපදෙනෙකු තවමත් සුන්බුන් අතර සිරවී සිටින බව වාර්තා වේ.
ආකරයේ භූගත උමං කිහිපයක් කඩා වැටීමත් සමඟ නායයෑම සිදුව ඇති බවට බලධාරීන් සැක පළ කර ඇති අතර ගලවා ගැනීමේ කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදුකරමින් සිටින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ප්‍රාදේශීය නිලධාරීන් පවසයි.
මෙවැනි අනතුරු මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බහුලව සිදුවන අතර, නිසි ආරක්ෂක පහසුකම් නොමැතිව සිදුකරන අනියම් කුඩා පරිමාණ පතල් කර්මාන්තය ඊට ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ.

