දික්කසාදයකින් කෙළවර වීමට නියමිත ‘පොප් කුමරිය’ගේ විවාහය

Date:

ජනප්‍රිය ගායිකාවක් වන 41 හැවිරිදි බ්‍රිට්නි ස්පියර්ස් ඇයගේ තෙවන විවාහයෙන් සමුගැනීමට නියමිත බව වාර්තා වේ.

ඇයගේ සැමියා වන 29 හැවිරිදි අස්ගරි විසින් පසුගිය බදාදා ලොස් ඇන්ජලීස් හි ගොනු කරන ලද දික්කසාද පෙත්සමකට අනුව ඔවුන දෙදෙනා අතර සමථයකට පත් කළ නොහැකි වෙනස්කම් හුවා දක්වා තිබේ. ඉරාන-ඇමරිකානු නළුවෙකු, නිරූපන ශිල්පියෙක් මෙන්ම යෝග්‍යතා පුහුණුකරුවෙකු වන අස්ගරී සමග බ්‍රිට්නි ස්පියර්ස් 2021 සැප්තැම්බර් මාසයේදී විවාහ ගිවිසගනු ලැබූ අතර පසුගිය වසර 6 තුළ ඔවුන්ගේ විවාහ අරගල පිළිබඳ කටකතා මේ වසරේ එක්සත් ජනපද ටැබ්ලොයිඩ් වාර්තා වල විය.

බ්‍රිට්නි ස්පියර්ස් මිට පෙර අවස්ථා දෙකකදී විවාහව සිටි අතර 2004 දී, ඇය ලාස් වේගාස් හි ළමා මිතුරෙකු වූ ජේසන් ඇලෙක්සැන්ඩර් සමඟ පැය 55 ක් විවාහ වී සිටි අතර ඇයගේ කළමනාකාරිත්වයේ බලකිරීම මත විවාහ මංගල්‍යය අවලංගු කිරීමට සිදු විය.

ඉන් අනතුරුව ඇයගේ දෙවන 2004-2007 විවාහය රැප් ගායක කෙවින් ෆෙඩර්ලයින් සමග සිදු වූ අතර ඔවුන්ගේ දික්කසාදයත් සමග ෆෙඩර්ලයින් විසින් ඔවුන්ගේ දරුවන් දෙදෙනා වන ජේඩන් ජේම්ස් සහ ෂෝන් ප්‍රෙස්ටන්ගේ තනි භාරකාරත්වය ලබා ගන්නා ලදී.

සුරූපී බ්‍රිට්නි ස්පියර්ස් හෙවත් ‘පොප් කුමරිය’ ලොව වැඩියෙන්ම අලෙවි වන සංගීත කලාකාරිනියක් බවට පත් ව ඇති අතර ඇය ග්‍රැමී සම්මානයක්, ගිනස් ලෝක වාර්තා 15ක්, එම්ටීවී වීඩියෝ සංගීත සම්මාන හයක්, බිල්බෝඩ් සංගීත සම්මාන හතක් (මිලේනියම් සම්මානය ඇතුළුව), සමාරම්භක රේඩියෝ ඩිස්නි අයිකන සම්මානය සහ හොලිවුඩ් වෝක් ඔෆ් හි සම්මාන ඇතුළු සම්මාන රාශියක් ලබා ගෙන ඇත.

සශිකලා මධුෂාණි_Outboundtoday

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...