පාකිස්තානයේ පිරීමක් හේතුවෙන් 11 දෙනෙකු මරුට

Date:

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට නිරිත දෙසින් වසිරිස්තානයේ ෂවාල් නිම්නයේ සිදු වූ පිපිරීමක්(IED) හේතුවෙන් ඉදිවෙමින් පවතින හමුදා මුරපොලක සේවය කරමින් සිටි කම්කරුවන් 11 දෙනෙකු මියගොස් ඇතිබව වාර්තා වේ.

ඇෆ්ගන් දේශසීමාව ආසන්නයේ වසිරිස්තාන් දිස්ත්‍රික්කයේ ඉදිකිරීම් ව්‍යාපෘතියකට කම්කරුවන් රැගෙන යමින් සිටි ට්‍රක් රථයක් මෙලෙස පුපුරවා හැර ඇති අතර එහි වගකීම කිසිදු සන්නද්ධ කණ්ඩායමක් මෙතෙක් භාරගෙන නොමැත.

කෙසේ නමුත්, පාකිස්තානය මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ටෙහ්රික්-ඉ-තලිබාන් පකිස්ථානය(TTP) වෙත දොස් පවරා ඇති අතර ඔවුන් පාකිස්තානයේ චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

නමුත්,නිල දත්ත වලට අනුව, මේ වසරේ පමණක් Khyber Pakhtunkhwa පළාතට ප්‍රහාර 300කට වැඩි ප්‍රමාණයක් ටෙහ්රික්-ඉ-තලිබාන් පකිස්ථානය(TTP) එල්ලකර ඇති අතර ඔවුන්ගේ ඉල්ලීම් අතර පකිස්තාන තලේබාන් ඉස්ලාමීය නීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, රජයේ අත්අඩංගුවේ සිටින තම සාමාජිකයින් නිදහස් කිරීම සහ ඇෆ්ගන් දේශසීමාවේ පිහිටි ගෝත්‍රික කලාපවල කොටස්වල පකිස්ථාන හමුදා පැමිණීම අඩු කිරීම වේ.

සශිකලා මධුෂාණි-Outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...