කෙහෙළියට එරෙහිව තවත් නඩුවක්. රෝගීන් තිදෙනෙක් මිලියන 100 බැගින් වන්දි ඉල්ලයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය ප්‍රධානීන් පිරිසකට එරෙහිව අක්ෂි රෝගීන් තිදෙනෙකු විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

ඇසේ සුද ඉවත් කිරීම සඳහා නුවරඑළිය මහ රෝහලේදී සිදුකරන ලද ශල්‍යකර්මවලින් පසු ලබාදුන් බාල ඖෂධ හේතුවෙන් තමන්ගේ පෙනීම අහිමිව ගොස් ඇති හෙයින් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 100 බැගින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා නුවර එළිය කඳපොල පදිංචි එම්. රාජරත්නම් මහතා ඇතුළු තිදෙනෙකු විසින් වෙන් වෙන්ව මෙම පෙත්සම ගොනුකර ඇත.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න, වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ නීතිපතිවරයා ඇතුළු පාර්ශ්ව 11ක් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...