කෙහෙළියට එරෙහිව තවත් නඩුවක්. රෝගීන් තිදෙනෙක් මිලියන 100 බැගින් වන්දි ඉල්ලයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය ප්‍රධානීන් පිරිසකට එරෙහිව අක්ෂි රෝගීන් තිදෙනෙකු විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

ඇසේ සුද ඉවත් කිරීම සඳහා නුවරඑළිය මහ රෝහලේදී සිදුකරන ලද ශල්‍යකර්මවලින් පසු ලබාදුන් බාල ඖෂධ හේතුවෙන් තමන්ගේ පෙනීම අහිමිව ගොස් ඇති හෙයින් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 100 බැගින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා නුවර එළිය කඳපොල පදිංචි එම්. රාජරත්නම් මහතා ඇතුළු තිදෙනෙකු විසින් වෙන් වෙන්ව මෙම පෙත්සම ගොනුකර ඇත.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න, වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ නීතිපතිවරයා ඇතුළු පාර්ශ්ව 11ක් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...

ආණ්ඩුව පීචංද ?

කොටුව බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරන උත්සවය වෙලාවේ ප්‍රසිඩන්ට්...