ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්රාදේශීය සභාවේ 2027 අයවැය දෙවන වර කියවීම ද වැඩි ඡන්ද 04 කින් පරාජයට පත්ව තිබේ.
ඊයේ (19) පැවති එම සභාවේ අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්ද 10ක් ලැබී තිබුණු අතර අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 06ක් පමණි.
එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් හයදෙනා අයවැයට පක්ෂව ඡන්දය ලබාදී තිබුණු අතර සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් සිව්දෙනා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරයෙකු, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් දෙදෙනෙකු, පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්රීවරුන් දෙදෙනෙකු සහ සර්වජන බලයේ මන්ත්රීවරයෙකු අයවැයට විරුද්ධව ඡන්දය ලබාදී තිබිණි.


