ඇෆ්ගනිස්තානයේ Zakia, ඇෆ්ගනිස්තාන කාන්තාවන් වෙනුවෙන් එල්ල කරන ප්‍රහාරය

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 21, (LNW) කොළඹ :

ක්‍රීඩාව දේශ සීමා මායිම් නොමැති පුළුල් මානවීය අවස්ථාවන් සහිත තැනකට සේන්දු වී අවසන්ය.ක්‍රීඩාවේ හැකියාව තමන්ට වඩාත් වැදගත් තැනක පිහිටුවා කටයුතු කරන්නට ඇති පුළුල් ඉඩ නිසා ලෝකය දැන හඳුනාගත් අය බොහෝ වෙති.එසේම සාමාන්‍ය පරිදි ජීවත්වීමට හිමිකමක් නැති බිමක ඉපදෙන්නෙකුට පවා ක්‍රීඩාවෙන් ලෝකය ජයගත හැකි වැඩ සැළසුමක් ද ක්‍රියාත්මකව පවතියි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මැදිහත්ව ක්‍රියාත්මක කරන සරණාගත ක්‍රීඩා කඳවුරු ඊට අවස්ථාව සළසයි.ඒ හරහා පැමිණ ලෝකය ජය ගැනීමෙන් නො’නැවතී තමන්ට මෙන්ම තම පවුලට ද ජීවත්වීමට සුදුසු යහපත් බිමක් සකසා ගත්තෝද අපි දනිමු.

ඇෆ්ගනිස්තානය තලෙයිබාන් පාලනයට නතු වූ පසු එරට කාන්තාවන්ට විඳින්නට වූ අතවර,හිරිහැර අපමණය.තත්ත්වය තවමත් එසේමය. කාන්තාවක අවර ගනයේ පුරවැසියෙකු ලෙස සළකන  සමාජ පීඩනයට එරෙහිව එරටින් ඉවත්ව සරණාගත ක්‍රීඩිකාවක ලෙස මෙවර පැරා ඔලිම්පික් තරගාවලියට සහභාගි වන Zakia Khudadad ගැන ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ ඒ නිසාය.

ඇය දක්ෂ ටයිකොන්ඩෝ ක්‍රීඩිකාවක්ය.අතක් අහිමි වීමෙන් ඇය හිතින් නො’වැටුණාය.එසේම විශ්වාසයෙන් සහ ගැහැණියකට සුදුසු බිමක් අහිමිවීමෙන්ද ඇය නොසැලුණාය.ඇය ලෝකය ඉදිරියට සිය දක්ෂතා ගෙන යා හැකි මඟක් සොයා ගෙන ඇත.

ෂකියා මේ හරහා ලෝකයට විෂද කරන්නට උත්සාහ කරන්නේ තමා මෙන් හැකියාවන් ඇති,එහෙත් ඒ සඳහා ඉඩ අහුරා ඇති අමානුෂික දේශපාලන සංදර්භයක හිරිකිතය.ඇය එල්ල කරන සෑම පහරකම කාන්තාවක සතු දිරිය,සවිය,අභිමානය මෙන්ම හැකියාවද දැක ගන්නට ලැබෙනු ඇත.එසේම ඇෆ්ගනිස්තාන දේශපාලනය විසින් කාන්තාවට අහිමි කර ඇති මානවීය හිමිකම්වල දුර්දාන්තභාවයද හෙළිදරව් වෙනු ඇත.

ඒ නිසා අගෝස්තු 28 දා ප්‍රංශයේදී ඇරඹෙන පැරා ඔලිම්පික් තරගාවලියට පෙරම ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් නොසළකා හැර ඇති දේශපාලනයට එරෙහිව ජයග්‍රාහි ටයිකොන්ඩෝ ප්‍රහාරයක් Zakia Khudadad එල්ල කර අවසන්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ඇමරිකානු තීරුබදු තර්ජන හමුවේ කැනඩාව සහ මෙක්සිකෝව එක්ව කටයුතු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

2026 අයවැයේ ඉලක්කය මෙන්න!

කොළඹ LNW: 2026 අයවැය මඟින් රටේ ඉදිරි සංවර්ධනයට අඩිතාලමක්...

වැසි තත්වයේ වෙනසක් – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 19) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

ඇෆ්ගන් විශ්වවිද්‍යාලවලින් කාන්තා කතුවරියන් ලියු පොත් තහනම් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්තානයේ...