රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ 

අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට් කියන සන්නාමය’ අරගෙන ලෝකෙ වටේ ගිහිල්ලා තමයි අපි මේ මුදල් හොයාගන්නේ. ඒවා ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට යොදවන්නේ, රජයේ භාණ්ඩාගාරයෙන් ආපු සතයක් වත් මෙතන නෑ.“

සුජීව ගොඩලියැද්ද මේ අදහස කිව්වෙ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවති ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ ප්‍රධාන උත්සවයට එක්වෙමින්.මේක අපූරු කතාවක්.ඒ වගෙම මඟ පෙන්වීමක්.ක්‍රීඩාවක් විතරක් නෙමෙයි කුමන හෝ සන්නාමයකට අවශ්‍යය කරන කීර්තිය සඳහා යා යුතු විශ්වාසය තහවුරු කර ගැනීමට සැළසුමක් තිබෙනවනම්,ඒවා මැඩ පැවත්වීමට එල්ලවෙන කුමනාකාරයක හෝ බාධක අභිබවා යා හැකි බවත් ඒ වචන ඇතුළත ඇලවී ගැල්වී තිබෙනවා.


දරා ගැනීමට සහ තමන් පිළිබඳ තමන් සතුව ඇති විශ්වාසය මතින් නොසැලී සිටීමට ඇති හැකියාව සන්නාමයක් වීමට මෙන්ම සන්නාමය රැක ගැනීමට අවශ්‍යය කරන බවත් මේ වචනවලින් එහාට ගොස් ක්‍රිකට් ගැන හිතන විට පැහැදිළි කර ගත හැකි නිසා ශ්‍රී ලංකා ක්‍රිකට්, සංවිධානයකට හෝ පුද්ගලයෙකුට කීර්තිමත් සන්නාමයක් විමේ අවශ්‍යයතාවය සඳහා අධ්‍යයනය කළ යුතු අධ්‍යාපනයක් බව ද සුජීවගේ අදහස තුළ ගැබ් වී තිබෙනවා.

හැබැයි මේ උපයා ගත් සියල්ල ප්‍රදානයන් වශයෙන් රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් බෙදා හරින විට රජයේ විගණනයට ලක්වන බවත් ඔහු පෙන්වා දුන්නා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 24 පුරාම සිඳුවන මේ උපකාරණ බෙදාදීමේදී ඒවායේ ආරක්ෂාව ගැන මෙන්ම නිසි පල නෙලා ගැනීම ගැන ද නිරන්තරයෙන් රජයේ විගණනය සිඳුවීම නිසා සමාරම්භය සටහන් කරන සෑම උත්සව අවස්ථාවකටම ද රජයේ විගණණ නිලධාරීන්ද එක්ව සිටියා.

සුජීව හෙළිකළ කරුණුවලට අනුව පාසල් ක්‍රීඩාව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වැය කරන වාර්සික වියදම කෝටි 250 ක් පමණ වෙනවා.හෙට ගැන විශ්වාසය වර්ධනය කිරීමට මේ තරම් ධනයක් වැය කළ යුතු වෙන බව සෑම ක්‍රීඩාවක්ම විශ්වාසයට ගත යුතු වෙනවා.ඇතැම් අවස්ථාවන් හී ශ්‍රී ලංකා ක්‍රිකට් අනේක චෝදනා ගැරහුම් සමඟ වෙනත් ක්‍රීඩාවන් වෙනුවෙන් ද දැවන්ත මුදලක් වෙන් කරනවා.ඒවා නිශ්චිත ලෙසම සැළසුමකට සිඳු නොවුණත් අවශ්‍යයතාවය මත සහ ඒ මොහොතට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් හී ශක්‍යතාවය මත තීරණය වන කාරණා වෙනවා.නිතර ගල් එල්ල වන පොලු පහර නොවැරදි වඳින ගසක් නම් එය පල ඇති තැනක් නැත්නම් සන්නාමයක් බව තේරුම් ගන්නට සෘජුව නොකී කතාවක් සුජීවගෙන් පැවසුණා.

ඒ සන්නාමය ක්‍රිකට් හි අනාගතය වෙනුවෙන් පැවති ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වෙනුවෙන් කළ ප්‍රදානය උපකරණ ලෙස ගත් විට පහත පරිදි දැක්විය හැකියි.

කණිෂ්ඨ ක්‍රිකට් උපකරණ කට්ටල 690 ක්
ක්‍රිකට් පාවහන් යුගළ 9995 ක්
පන්දු විසිකිරීමේ උපකරණ (ඔයරදඅසබට ්රපි) 970 ක්
ක්‍රිකට් පුහුණුකරුවන් සඳහා උපකරණ කට්ටල 97 ක්
ක්‍රිකට් පන්දු 2760 ක්

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් රටේ විදේශ මුදල් අවශ්‍යයතාවයට දක්වන දායකත්වය සම්බන්ධයෙන් වන ප්‍රසිද්ධ කතාවට අමතරව සාමාන්‍ය මට්ටමෙන් ආර්ථිකය සවිමත් කිරීමට දායක වන මාර්ග ද සුජිව විසින් මේ මොහොතේදී අවධාරණය කරනු ලැබුවා.වසරකට ශ්‍රී ලංකා ක්‍රිකට් තරග 50000 ක් පමණ සංවිධානය කරන බවත්,ඊට සම්බන්ධ වන අන්තර් සමාජ සහ ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට පමණක් නොව වෘත්තීය මට්ටමෙන් සම්බන්ධ වන විනිසුරුවරුන්ට, ලකුණු සටහන් කරුවන්ට, ක්‍රීඩාංගණ සූදානම් කරන්නන්ට මෙන්ම තණතීරු සැකසුම් කරුවන්ට ආදී සෑම වෘත්තියකට වෘත්තිමයභාවය සළකා කරන ගෙවීම් ද ගත් විට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් වැය කරන මුදල, විශාල මුදලක් බව ද ඔහු පෙන්වා දුන්නා.
මෙම උත්සව අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ,ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා,ලේකම් බන්දුල දිසානායක,උප සභාපති ජයන්ත ධර්මදාස,ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා,ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපති සුසන්ත මෙණ්ඩිස් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...