*
Friday, May 17, 2024
spot_img

Latest Posts

සෞභාග්‍යය හොඳටම උදාවෙලා, මිලියන හයකට වේලක්වත් කන්න නෑ – කාදිනල්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී මාස 40 ක් ගත වි ඇතත් තවමත් වින්දිතයන්ට යුක්තිය ඉටු වී නොමැති බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසනවා. කඩිනමින් විමර්ශන පවත්වා වින්දිතයන්ට සාධාරණය ඉටු කළයුතු රටේ නායකයන් පාස්කු විමර්ශන කඩාකප්පල් කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බව පෙන්වා දෙන කාදිනල්වරයා පවසන්නේ විමර්ශවලට මෙතරම් අකමැති, ප්‍රහාරයට ඔවුන්ගේ සහභාගීත්වයක් තිබෙන නිසාද යන සැකය මතුවන බවයි.

නායකයන් අවංක නම් හා ප්‍රහාරයට සම්බන්ධ නොමැති නම් විමර්ශන කඩිනමින් අවසන් කිරීමට කිසිසේත්ම බිය වියයුතු නැති බවද කොළඹ අගරදගුරුවරයා අවධාරණය කරනවා.

මැල්කම් රංජිත් කාදිනල්වරයා මෙම අදහස් පළකළේ අද (21) රාගම, තේවත්ත බැසිලිකා දේවස්ථානයේදී පැවති රෝගීන් ආසිරි ගැන්වීමේ දේව මෙහෙයට එක්වෙමිනි.

පසුගිය වසර 75 ක කාලය තුළ ආත්මාර්ථකාමයත්, පාපයත් රජකම් කරන බව පසුගිය දිනවලදී රටපුරා ඇති වූ අවාසනාවන්ත සිදුවීම්වලින් පැහැදිලි වන බවත් සමාජීය වෙනසක් ඇති කිරීමට නම් සැබෑ වෙනසක් රටතුළ ඇතිවිය යුතු බවත් කාදිනල්වරයා සඳහන් කරනවා.

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කරන බව පොරොන්දුවෙමින් පැමිණි පාලකයන් අවසානයේදී විශාල කුළුණක් පමණක් ඉතිරි කළ බවත්, සෞභාග්‍යය උදා කරන බව පවසමින් බලයට පැමිණි පාලකයන් නිසා අද රටේ ජනතාවගෙන් හතරෙන් එකකට වැඩි පිරිසකට එක වේලකින් දවස පිරිමසා ගැනීමට සිදුව ඇති බවත් අගරදගුරුවරයා ප්‍රකාශ කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan