අපේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ලක්ෂ 4ක රැකියා පුරප්පාඩු තියෙනවා. ඉන්න රැකියා විරහිතයින් ජොබ්වලට සුදුසු නෑ – හඳුන්

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා පුරප්පාඩු 400,000ක් පමණ ඇති අතර රැකියා විරහිතයින් විශාල ප්‍රමාණයක් ද සිටියත් ඔවුන්ට අදාළ පුරප්පාඩුඉ පිරවීම සඳහා සුදුසුකම් නොමැති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“අපනයනය ක්ෂේත්‍රයේත් අවශ්‍යම ටෙක්නිකල් එක්ස්පර්ට්ස්ලා, අත්‍යාවශ්‍යම සේවාවන් සපයන අය හොයාගන්න නැහැ කියන ප්‍රශ්නය තියෙනවා. එතකොට අපිට බලන්න පුළුවන් ඒ වගේ අයට මොනවද කරන්නෙ කියලා. අපි එකපාර පිටරටින් ගේන්න කැමැත්තක් නැහැ. අපි ලංකාවේ අවශ්‍යතාවය ඉස්සෙල්ලා සම්පූර්ණ කරගන්නම ඕනෙ. දැන් ආයතන ගණනාවක් එක්ක සාකච්ඡා කරනවා අපේ වෘත්තීය පුහුණු අධිකාරිය, වෘත්තීය පුහුණු අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ඔක්කොමත් එක්ක ඒ අපේ ඉන්ඩස්ට්‍රීස්වලට ඕනෙ අය හදලා දෙන්න කියලා. දැන් ඔය කන්දකාඩුවල පුනරුත්ථාපනය කරන අයටත් අපි කියලා තියෙන්නෙ ඕගොල්ලොන්ගෙ කෝසස් නෙවෙයි අපිට ඕනෙ කරන ඒවා හදලා දෙන්න කියලා. කන්දකාඩුවල වුණත් ඇත්තටම මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වෙච්ච අය පුනරුත්ථාපනය කරලා ඒ අය කෙළින්ම සමාජයට යවනවා වෙනුවට රැකියාවකට අනුයුක්ත කරන්න පුළුවන් නම් අපිට ලොකු දෙයක් ඒක. ඒක ලොකු ප්‍රශ්නයක් නැතිනම්. අපි හිතුවාට පිටරට ගිය කට්ටිය එක වේගෙන් ආයෙ එන්නෙ නැහැනෙ. අපට ඒක ලක්ෂ 4ක් දැන් අපේ ඉන්ඩස්ට්‍රීස්වල ජොබ් වේකන්සීස් තියෙනවා. හැබැයි රැකියා විරහිතයිනුත් ඉන්නවා. ප්‍රශ්නය තියෙන්නෙ මේ දෙක මැච් වෙන්නෙ නැහැ. ඉන්න රැකියා විරහිත අය ජොබ්වලට සුදුසු නැහැ. එතකොට මේක අපි පුහුණු කරලා ගන්න ඕනෙ”

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (19) පැවති 26 වන අපනයනකරුවන්ගේ ජාතික සංසදය (Exporters’ Forum) අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැතිවරණ නීති පිළිබඳ අතුරු වාර්තාවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : පළාත් සභා මැතිවරණ...

එක් පවුලකට රු. ලක්ෂ 50ක්: කන්දකැටියේ පවුල් 41කට නව නිවාස ඉදිකිරීමට මුල්ගල්..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : දිට්වා ආපදා තත්ත්වය...

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ත්‍රස්ත විමර්ශන මධ්‍යස්ථානයක් ලෙස නම් කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...