( Breaking) නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් 21,22,23 යන තෙදිනම ජාතික ශෝක දිනයන් බවට රජය ප්‍රකාශ කරයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 , කොළඹ LNW :

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගායන ශිල්පිනියක වූ විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් 2026 අගෝස්තු මස 21,22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස නම් කිරීමට රජය තීරණය කර ඇත.

මේ පිළිබඳ වැඩිදුර විස්තර රාජය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාතයාංශය
මගින් ඉදිරියේදී නිකුත්ම කිරීමට නියමිතයි.

ඇය වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමට බලාපොරොත්තු වන ජනතාවට හෙට (21) පෙරවරුවේ සිට නුගේගොඩ පිහිටි ඇයගේ සංගීත ආශ්‍රමයේදී දේහය තැන්පත් කර තබන බව සඳහන් වේ.

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාට අනුව, ඇයගේ අවසාන කටයුතු එළඹෙන සෙනසුරාදා දින සිදු කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව එදින පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ඔහු සම්පූර්ණයෙන්ම ඔහුටම අනන්‍ය වූ අයෙක්”: Nana Peterka අසහාය රංගධරයාගේ සමුගැනීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : යුගයක නිමාව සනිටුහන්...

කතානායකට විරුද්ධ ව විපක්ෂයෙන් විශ්වාසභංගයක්….

ඔක්තෝබර් 08, කොළඹ LNW : කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාට...

මැතිවරණ නීති පිළිබඳ අතුරු වාර්තාවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : පළාත් සභා මැතිවරණ...

එක් පවුලකට රු. ලක්ෂ 50ක්: කන්දකැටියේ පවුල් 41කට නව නිවාස ඉදිකිරීමට මුල්ගල්..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : දිට්වා ආපදා තත්ත්වය...