ඉරාන නායකයාගේ සෞඛ්‍යය වෙනුවෙන් බැටළුවන් 10,000ක් බිලිදීමට අරමුදල් රැස් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානයේ රජයට හිතවත් ආගමික කණ්ඩායම් විසින් ශ්‍රේෂ්ඨ නායක මොජ්තබා ඛමේනිගේ සෞඛ්‍යය වෙනුවෙන් බැටළුවන් 10,000ක් ආගමික පූජාවක් ලෙස බිලිදීම සඳහා ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙන බව Iran International වාර්තා කර තිබේ.

ඉරානයේ ක්‍රියාකාරී ආගමික කණ්ඩායමක් වන ‘හයාත්-ඊ-ඝරාර්’ (Heyat-e Gharar) හි සහභාගීත්වයෙන් මෙම ව්‍යාපාරය ක්‍රියාත්මක වන බව සඳහන් වේ. සාමූහික සත්ව ඝාතන සහ මස් බෙදා හැරීම් සංවිධානය කරන ආගමික පුණ්‍යායතනයක් වන, කොම් (Qom) නගරය කේන්ද්‍ර කරගත් ‘හස්රත් ඛදීජා ආයතනය’ (Hazrat Khadijeh Institute) සතු ගිණුම් හරහා පරිත්‍යාග එකතු කරනු ලැබේ.

එක් බැටළුවෙකු සඳහා ඉරාන රියාල් මිලියන 250ක් (වාර්තාව අනුව ඩොලර් 132ක් පමණ) අවශ්‍ය වන අතර, බැටළුවන් 10,000 සඳහා මුළු වියදම රියාල් ට්‍රිලියන 2.5ක්, එනම් ඩොලර් මිලියන 1.32ක් පමණ වේ.

මෙම පුවත පැමිණෙන්නේ ඛමේනිගේ සෞඛ්‍යය පිළිබඳ විවිධ කටකතා පැතිර යන පසුබිමකය. කෙසේ වෙතත්, පසුගිය අගෝස්තු 10 දා ඉරාන ජනාධිපති මසූද් පෙෂෙෂ්කියාන් ඛමේනි “පූර්ණ සෞඛ්‍යයෙන්” සිටින බව ප්‍රකාශ කර තිබුණි.

කෙසේ නමුත්, බලයට පත්වීමෙන් පසු කමේනි ප්‍රසිද්ධ කතාවක් හෝ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා නොමැති අතර, ඔහුගේ නව සත්‍යාපිත ඡායාරූපයක්, වීඩියෝ හෝ ශ්‍රව්‍ය පටිගත කිරීමක් නිකුත් කර නොමැත. ඒ වෙනුවට ඔහුගේ නිවේදන ලිඛිත ප්‍රකාශ වලින් සමන්විත වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි ගුවන් තොටුපළවලට දැඩි ප්‍රහාර; තිදෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 08: යේමනයේ හූති...

චන්දන සූරියආරච්චි අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අතුරුගිරිය පොලිසිය විසින්...

හිටපු වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝට ඇමෙරිකාව මේ සතියේ තවත් චෝදනා ගොනු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 08: මේ වන...

පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : දිවයින පුරා පස්වරු...