ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (21) දිනයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
ව්‍යාපාරික නිමල් පෙරේරා විසින් දෙන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසා ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා මෙසේ නාමල් රාජපක්ෂ මහතාව කැඳවා ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.


