ජනතාවාදී කලාකාරිනියක් අද අපට අහිමි වුණා – අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ශෝකය ප්‍රකාශ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අගෝස්තු 21 , කොළඹ LNW :

ප්‍රවීණ ගායිකාවක් වන නන්දා මාලනි මහත්මියගේ හදිසි අභාවය සම්බන්ධයෙන් සිය ශෝකය සහ සාතිශය සංවේගය පිරිනමන බවත් ඇය සෑම විටම ජනතාව සමඟ සිටගත් කලාකාරිනියක් ලෙස හැඳින්විය හැකි බවත් මානව දයාව කරුණාව අනුකම්පාව ඉහළින්ම තිබූ අප රටේ බිහි වූ ශ්‍රේෂ්ඨ කලාකාරිනියක් ලෙස ඇයි හැඳින්විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඇයගේ සංගීත කලාව තුළ විශිෂ්ට ගණයේ ශූරත්වයක් කුසලතාවක් හා හැකියාවක් ඇය සතු වූ බවත් මෙරට පරිවර්තනාත්මක යුගයක් නිර්මාණය වූ 77 මැතිවරණ ව්‍යාපාරයේ කලාකරුවන් අතරින් සංගීතඥයන් අතරින් 95%ක්ම එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ සිටින විට නන්දා මාලනි මැතිනිය එදා ඒ වේදිකාවේ නොසිට හෘද සාක්ෂියට එකගව ඇය සතු වූ විශිෂ්ට උතුම් මානව හිතවාදී සංකල්පයන් තුළ ඇය දරපු මතය කිසිදා නොවෙනස්ව නොකිලිටිව කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ අප රටේ විවිධ කාලවකවානු තුළ දී ඛේදවාචක රැසක් නිර්මාණය වූ බවත් 71, 88, 89 කාලය අප රටේ ඉතිහාසයේ සිදුවූ ඛේදවාචකයන් බවත් ගරු නන්දා මාලනි මහත්මිය ඒ විවිධ අවස්ථාවල දී යොවුන් පරපුර වෙනුවෙන්, මානව සම්පත වෙනුවෙන්, මානව හිතවාදීත්වය වෙනුවෙන් සහ මූලික හා මානව අයිතිවාසිකම් වෙනුවෙන් සෘජුව හිටගත් බවත් ඇයගේ ඒ ආකල්ප හා අදහස්වලට පවතින ආණ්ඩු පවා විරුද්ධ වූ බවත් රාජ්‍ය මාධ්‍යවල ඇයට ලබා දුන් ඉඩකඩ පවා අහිමි කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නන්දා මාලනි මැතිණිය විශිෂ්ට කලාකාරිනියක් බවත් ඇය තුළ ඒ තිබූ කුසලතාව, ශක්තිය විශිෂ්ට බවත් ලතා වල්පොළ මහත්මිය, ඇන්ජලින් ගුණතිලක මහත්මිය ආදී එකළ බිහි වූ කලාකාරිනියන් අතර විශිෂ්ටත්වයෙන් ඉහළටම ගිය කලාකාරිනියක් ලෙස ඇය හැඳින්විය හැකි බවත් ඇයගේ නිර්මල චරිතය සේම කිසිදු මතයකට නොනැමී සෘජුව සිටීම ලංකාවසී සැමටම ආදර්ශයක් සේම ඇයගේ හදිසි වියෝව දුකට කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරිලිය නඩුව : හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා ඇප මත නිදහස්

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...

ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

ගෝලීය බලශක්ති අර්බුදය අවසන් නොවන බවට IMF ප්‍රධානියා අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...