ඉන්ධන ආනයන වියදම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය පැවසූ දේ!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 , කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් කළ අතර, මෙහිදී ඇය පෙන්වා දෙන්නේ පසුගිය වසරේ මුල් භාගයට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස හය තුළ ඉන්ධන සඳහා වැයවූ පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

මැදපෙරදිග පවතින ගැටුම්කාරී වාතාවරණය ගෝලීය බොරතෙල් මිල කෙරෙහි බලපෑම් එල්ල කර ඇති බවද මෙහිදී අවධාරණය විය.

මෙම වසරේ මුල් භාගයේදී ඉන්ධන ආනයනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3,168 ක පමණ දැවැන්ත මුදලක් වැය වී ඇති බවද මෙහිදී, අග්‍රාමාත්‍යවරිය පැවසීය.

මෙය පෙර වසරේ වියදම වූ ඩොලර් මිලියන 1,995 ට සාපේක්ෂව විශාල වර්ධනයක් පෙන්නුම් කරන්නකි.

පවතින ගෝලීය ආර්ථික අභියෝග මධ්‍යයේ මෙරට ආනයන වියදම්වල ස්වභාවය පිළිබඳ මෙමඟින් පැහැදිලි අවබෝධයක් ලබා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරිලිය නඩුව : හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා ඇප මත නිදහස්

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...

ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

ගෝලීය බලශක්ති අර්බුදය අවසන් නොවන බවට IMF ප්‍රධානියා අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...