කාන්තාවකගේ මරණයට හේතුව පෞද්ගලික ඔසුසැලෙන් ගත් බෙහෙත්ද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඉංගිරිය, ඌරුගල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් ඉංගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසැලකින් ලබාගත් ඖෂධයක් පානය කිරීමෙන් පසු මියගොස් ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය කියයි

පොලිසිය සඳහන් කළේ එම කාන්තාව දියවැඩියාව, කොලොස්ටරෝල් හා වකුගඩු රෝග සඳහා ඖෂධ භාවිත කරන කාන්තාවක් බවත් , ජූලි 31 වැනිදා පෞද්ගලික ඔසුසැලකින් ලබාගත් එම ඖෂධය පසුගිය 10 වැනිදා දක්වා ඇය ලබාගෙන ඇති බවයි.

අනතුරුව ඇතිවූ සංකූලතා හේතුවෙන් ඇය ඉංගිරිය රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරුව හොරණ මූලික රෝහලට මාරුකර යැවූ අදාළ කාන්තාව ඊයේ (20) මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...