21 තෙක් විතරයි රනිල් ජනාධිපති.පුනරුද ගමනට නායකත්වය දෙන්නේ අනුර!

Date:

කොළඹ LNW:ඇතැම් මුස්ලිම් දේශපාලන නායකයන්මෙන් දේශපාලන සූදු කෙළීම සඳහා ජාතික ජන බලවේගය හා එක්නොවූ බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර් පවසති.

තනතුරු, තානාන්තර, වරප්‍රසාද ලබා ගන්න අවශ්‍ය නම් ජාතික ජන බලවේගයේ වේදිකාව සුදුසු නැති අතර ඇතැම් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙරට තිබෙන දූෂිත දේශපාලන පක්‍ෂ සමඟ ගිවිසුම් ඇති කර ගන්නා ආකාරයපෙනෙන්නට තිබුණු බවයි මවුලවිතුමන් සඳහන් කරන්නේ.

ලබන මාසේ 21 දක්වා රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති වුවත් පුනරුද ගමනට නායකත්වය ලබන 21 වැනිදා රට අනුරට බාර දෙන බවද හෙතෙම සඳහන් කරති.

“ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැලි අපි දකුණෙන් පටන් ගත්තා. ජයග්‍රාහී ලෙස රට පුරාම රැලි පවත්වමින් යන අතරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා රට පුරාම පෝස්ටර් ගහලා තියෙන්නේ ‘පුළුවන්’ කියලා. ඊට කලින් මහජන සල්ලි වියදම් කරලා පෝස්ටර් ගැහුවේ එයා ජනාධිපති කියලයි. ලබන මාසයේ විසිඑක වෙනකම් ඔහු ජනාධිපති වුණත්, විසිඑක්වැනිදා ඡන්දයේ දී දේශපාලන පවුල් පසුබිමකින් පත් නොවී ‘පුනරුද ගමනට’ නායකත්වය දෙන අනුර දිසානායක සහෝදරයා නියත වශයෙන්ම ජනාධිපති කරනවා. මේ රටේ සමස්ත ජනතාව පක්ෂ, පාට, ජාති, ආගම් භේදයකින් තොරව සැප්තැම්බර් 21 වෙනිදා රට අනුරට බාර දෙනවා. සමහර මුස්ලිම් නායකයන් වාගේ දේශපාලන සූදු කෙළින්න නොවෙයි, අපි ජාතික ජන බලවේගයේ වේදිකාවට නැග්ගේ. තනතුරු, තානාන්තර, වරප්‍රසාද ලබා ගන්න ඕනෑ නම්, මේ වේදිකාව සුදුසු නැහැ. මුස්ලිම් සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙරට තිබෙන දූෂිත දේශපාලන පක්‍ෂ සමඟ ගිවිසුම් ඇති කර ගන්නා ආකාරය අපි දැක්කා. උගත්, තරුණ, නූතන මුස්ලිම් ප්‍රජාව ඒ අයට උත්තර දී තිබුණේ, ජාතික ජන බලවේගය සමඟ එක් වන බවට ප්‍රකාශ කරමිනුයි. පැය හතරක් විසන්ධි කර තිබුණු විදුලිය පවුල් දශලක්‍ෂයකගේ සදහටම විසන්ධි කරන්න රනිල්ට හැකි වී තිබෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සීමා කරන්න රනිල්ට හැකි වී තිබෙනවා. රනිල් අපට අභියෝගයක් නොවන බව ඔබ සැම දෙනාම දන්නවා.

හොරු රැළකට මේ රටේ මිනිස්සු ඡන්දය දෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස ප්‍රතිපත්ති මත දේශපාලනය කරන බව කියන අතර, ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ කෙනාත්, එය ගොඩනඟන බව කියන කෙනාත් එතැන ඉන්නවා. විල්පත්තුව කැපුවා කියන කෙනාත්, විල්පත්තුව රැකගන්නවා කියූ කෙනාත් එතැන ඉන්නවා. පක්‍ෂ මාරු කළ විට නඩු දාන කෙනාත්, පක්‍ෂ මාරු කළ ජී.එල්. පීරිස්ලාත් එතැන ඉන්නවා. එවැනි වටාපිටාවක තමයි, සජිත් ප්‍රේමදාස ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ. ආගමික නායකයන් ලෙස වෙන දේ බලාගෙන පැත්තකට වෙලා ඉන්නේ නැතිව හෘදයසාක්‍ෂියක් තිබෙන නිසා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී වශයෙන් බෙදීමට විරුද්ධව අපි මාලිමාව සමඟ එක්වූවා. ආඩම්බරයෙන් ශ්‍රී ලාංකික ජාතිය අපියි කිවහැකි දේශපාලන නායකත්වය තිබෙන්නේ ජාතික ජන බලවේගයේ පමණයි. අද වෙන කොට මුස්ලිම් සමාජය තුළ මඩ වීඩියෝ ක්ලිප් බෙදාහැරෙමින් තිබෙනවා. මුස්ලිම් සමාජයත්, බෞද්ධ සමාජයත්, ව්‍යාපාරිකයනුත් විවිධ බොරු ප්‍රචාර මඟින් බියගන්වන්න උත්සාහ කරනවා. නමුත්, අපි හැමෝම පුනරුද යුගයක් වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමුයි කියන ඉල්ලීම අපි සියලුම දෙනාගෙන් කරනවා” යි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර් වැඩිදුරටත් ප්‍රකාශ කරති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...