ජයග්‍රහණයෙන් සති දෙකකට පසු අපි අලුත් ආණ්ඩුවක් ගේනවා – මයන්ත

කොළඹ LNW:සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු සති දෙකක කාලයක් තුළ ආණ්ඩුව විසුරුවා නව ආණ්ඩුවක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පැවසුවේය.

ඒ, අද (22) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.

තව මාසයක කාලයක් තුළ සමඟි ජන බලවේගයේ ආණ්ඩුවකින් ස්ථිර ආර්ථික ප්‍රතිපත්තියක් එළිදක්වන බවද මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.

”අපිට තව මාසයක් නෑ මැතිවරණයට.මැතිවරනය ඉලක්ක කරගෙන ආණ්ඩුව මේ කරන වැඩ අපි හෙළා දකිනවා. භූමිතෙල් අඩුකිරීම ආණ්ඩුව කරන්නේ මැතිවරණය ඉලක්ක කරගෙන. ස්ථිරව කියනවා අපේ ආණ්ඩුවකින් තව මාසයකින් ස්ථිර ආර්තික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා. අපිට ස්ථාවර ආර්ථිකයක් අවශ්‍යයි. අපේ ආණ්ඩුවකින් ඒක කරනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ව බාර් ලයිසන්, මුදල් දීලා බාගන්න හදනවා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත්වී සති දෙකක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරලා අලුත් ආණ්ඩුවක් හදාගන්නවා.”

දුෂණ විරෝධී ආණ්ඩුවක් ගොඩනැගීම බලාපොරොත්තුව වන අතර තමන් බලාපොරොත්තු වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවක වැඩකිරීමට බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම තලතා අතුකෝරල මහත්මිය ගත් තීන්දුව සම්බන්ධයෙන් ද තමන් කණගාටු වෙන බවයි ඔහු කියාසිටියේ.

සමඟි ජන බලවේගය මෙහෙයවන්නේ සජිත් ප්‍රේමදාස මහතා වන බවත් එයට වෙනත් හස්තයක් නොමැති බවද මයන්ත දිසානායක මහතා පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...