අපේ සන්ධානයට පොහොට්ටුවෙනුත් ගලවගන්නවා – ගම්මන්පිල

Date:

රාජපක්ෂ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ එකතුව නව සන්ධානයක් බිහි කිරීම සඳහා සූදානමින් සිටිනවා. මේ වනවිටත් සන්ධානය ගොඩනැගීමට අදාල කටයුතු සිදුවෙමින් පවතින අතර ඉදිරි සති කිහිපය තුළ එය නිළ වශයෙන් එළිදැක්වීමට නියමිතය.

නව සන්ධානයේ ඉදිරිපෙළ නායකයෙකු වන, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසන්නේ දැනට ස්වාධීන පක්ෂ එකමුතුව සමග සිටින මන්ත්‍රීවරුන්ට අමතරව තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ඊට එක්වීමට සූදානමින් සිටින බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක්ද ඊට එක්වන බවයි ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ.

ආණ්ඩුව විවේචනය කරමින් සිටින විපක්ෂයකට වඩා ජනතා ගැටලුවලට නිවැරදි විසඳුම් ඉදිරිපත් කරන විපක්ෂයක් ලෙස කටයුතු කිරීම නව සන්ධානයේ අරමුණ බවත්, ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා නව සන්ධානයෙන් තරග කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...