43 සේනාංකය දුම්රියට මාරු වෙයි! (VIDEO)

Date:

සාමාන්‍ය ජනතාව පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට යොමුවීම තුළින් මේ වනවිට දුම්රිය මගී ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩිවී ඇති බවත් පසුගිය වසර 20ක කාලය තුළ අධිවේගී මාර්ග වලට යොමුකළ මුදල් වලින් 10%ක් පොදු ප්‍රවාහනයට යොමු කළේ නම්, අද මෙරටට නවීකරණය වූ දුම්රිය පද්ධතියක් හා මගී බස්රථ සේවයක් ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ 43 සේනාංකයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක හමුවක් සහභාගී වීමට දුම්රියෙන් මහනුවර බලා යමින් සිටියදීය.

“පහුගිය අවුරුදු 20 ක කාලය තුළදී අධිවේගී මාර්ගවලට දාපු සල්ලි වලින් 10%ක් වත් දැම්ම නම් අපිට අද වෙනකොට හොඳ දුම්රිය සේවයක් හා බස් සේවයක් ලැබෙනවා. ඇත්තටම පහුගිය කාලේ ඇතිවුණ ඉන්ධන අර්බුදය නිසා දුම්රියේ මගී ප්‍රමාණය දෙගුණයක් වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. අපිට තියෙන්නේ දුම්රිය 60 කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් දුම්රිය නවීකරණය කරන්න විදුලිකරණය කරන්න, නව දුම්රිය සේවා ඇති කරන්න ගත්ත ක්‍රියාමාර්ග මෝඩ දේශපාලකයෝ විසින් විනාශ කළා. හැබැයි අදටත් දුම්රිය මගීන්ගෙන් 8% – 10% ක් ගෙනියන දුම්රියට ඉන්ධන වැයවෙන්නේ 1% – 2% ක්. ඒ නිසා මේ ක්ෂේත්‍රය නවීකරණය සඳහා අලුත් දුම්රිය එන්ජින්, දුම්රිය මැදිරි, බස් රථ ගෙන ඒම සඳහා දැන්වත් ආණ්ඩුව විශාල ප්‍රාග්ධන ආයෝජනයක් කළ යුතුයි.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවකට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ...