අරගලය නිසා ගාලුමුවදොරට සිදු වූ හානිය ලක්ෂ 50 යි

ගාලුමුවදොර ක්‍රීඩාංගනය ආශ්‍රිතව පැවති ගෝඨාගෝ ගම අරගල භූමිය හේතුවෙන් එම පරිශ්‍රයට සිදුව ඇති හානිය තක්සේරු කර තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරියේ තක්සේරුවට අනුව රුපියල් ලක්ෂ 49 ක පමණ හානියක් සිදුව තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය සකස් කර ඇති තක්සේරු වාර්තාවට අනුව භූමිය නැවත සකස් කිරීමේ මූලික කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරක් වැය කිරීමට සිදුව ඇති අතර තණ පිඩලි ඇල්ලීම සඳහා රුපියල් ලක්ෂ 48 ක මුදලක් වැය කිරීමට සිදුව ඇත.

විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නියෝගයකට අනුව මෙම තක්සේරුව සිදුකර ඇති අතර අමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ සිදුව ඇති හානිය අරගලකරුවන්ගෙන් අයකර ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...