අගෝස්තු 22 , කොළඹ LNW :
ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වෙනුවෙන් අද දින පෙරවරුවේ ඇයගේ සංගීත ආශ්‍රමයේදී ආගමික වතාවත් සිදු කළ බවත්, ඉන් අනතුරුව පස්වරුව දක්වා මහජන ගෞරවය සඳහා අවස්ථාව සලසා දී ඇති බවත් සඳහන් වේ.
අවමංගල්‍ය පෙරහැර පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ළඟා වීමට නියමිත අතර අවසන් කටයුතු සවස 5 ට සිදු කිරීමට සැලසුම් කර ඇත.


