*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

ජනපති රනිල් සිංගප්පූරු ජනපතිනිය සහ ඇමතිවරුන් පිරිසක් හමු වෙයි (Photos)

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යෙකුබ් (Halimah Yacob) මහත්මිය අතර නිල හමුව ඊයේ (21) පෙරවරුවේ සිදු විය.

සිංගප්පුරුවේ ඉස්තානා මන්දිරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ජනාධිපතිනිය විසින් ඉතා සුහදශීලිව පිළිගත් අතර සුහද කථා බහකින් අනතුරුව නායක දෙපළ ද්විපාර්වික සාකච්ඡා සඳහා එක් විය.

සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරා පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වු අතර ආහාර සුරක්ෂිතතාව, පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍රවලට අදාළව ඉදිරියේ දී සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මේ අතර සිංගප්පූරු ජනාධිපතිනිය සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් මෙසේ ද සඳහන් කර තිබිණි.

“අපගේ මිත්‍රත්වයේ ශක්තිමත් බව රඳා පවතින්නේ පුද්ගල සබඳතා මතය. එම බැඳීම් තවදුරටත් ශක්තිමත් කර ගැනීමට පුළුල් ඉඩ ප්‍රස්ථාවක් පවතී. ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු චාරිකාව ඵලදායී මෙන්ම සාර්ථක සංචාරයක් වේවායි මම ප්‍රාර්ථනා කරමි”

මේ අතර සිංගප්පූරු ආරක්ෂක අමාත්‍ය ආචාර්ය නෙං එං හෙන් (Ng Eng Hen) මහතා ද ඊයේ පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එසේම දකුණු ආසියානු කලාපයේ පොදු ගැටලු නිරාකණය කර ගැනීම වෙනුවෙන් නිරන්තරව තොරතුරු හුවමාරු කර ගැනීමේ සහ නිසි සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරුණු අතර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් එක්ව කැපවීමට ද දෙපාර්ශ්වයම සහතික විය.

මේ අතර සිංගප්පූරුවේ තිරසරබව හා පරිසරය පිළිබඳ ඇමතිනී ග්‍රේස් ෆු හායි ඉයෙන් (Grace FU Hai yien) මහත්මිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වූවාය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan