ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර ඊයේ වීදි සංචාරය කළ වඟයි!

Date:

2023.08.22
නදීක දයා බණ්ඩාර – මහනුවර

කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යයේ සමාරම්භය සනිටුහන් කරමින් පළමු
කුඹල් පෙරහැර වීදි සංචාරය ඊයේ (21) ආරම්භ විය.
පස්වරු 7 පසුවී මිනිත්තු 10ට යෙදුණු සුබ මොහොතින් නිරිත දිශාභිමුඛව දළදා
පෙරහැර වීදි සංචාරයට එක්විය.

ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා
දේවාල පෙරහැර සමගින් විීදි සාංචාරයට එක්වී දළදා වීදිය, ඩී.එස්.සේනානායක
විදිය, පන්සල පාර, දේව විදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ විදිය ඔස්සේ
ගමන් කොට යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීම සිදුවිය.
ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ඉන්දිරාජා ඇතු විසින් සධාතුක පෙරහැර
කරඩුව වැඩම කළ අතර දෑලේ ගමන්ගත්තේ කණ්ඩුල සහ මියන්රාජා යන
අතුන්ය.

පළමු කුඹල් පෙරහැර නැරඹීම මගින් ළදරුවන්ගේ වස් දොස් දුරුවන බවට
පවතින මතය හේතුවෙන් මෙම පෙරහැර නැරඹීම සඳහා දරුවන් විශාල පිරිසක්
සහභාගීකරවීම දැකිය දැකිය. කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදයෙන් පසු
වසර කිහිපයකට පසුව අපහසුවකින් තොරව මෙවර පෙරහැර නැරඹීමට
අවස්ථාව හිමිව ඇත. මේ හේතුවෙන් පෙරහැර මංගල්‍ය නැරඹීම සඳහා විශාල
පිරිසක් සහභාගවී සිටියෝය.


ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය කරන
අතර රාත්‍රී 07 පසුවී මිනිත්තු 05ට යෙදෙන සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව
පිටත්වන පෙරහැර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන්
ඉහළට ගෙවැදීම සිදුවේ.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහබැංකු අධිපතිගෙන් කර්මාන්තකරුවන්ට අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ආපදාවෙන් පීඩාවට...

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...