*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පාරිභෝගික අධිකාරියේ බව සඳහන් කරමින් භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනවලට සහ ව්‍යාපාරිකයින්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් මුදල් ඉල්ලා තර්ජනය කරමින් සිදු කරන ජාවාරමක් සම්බන්ධයෙන් එම අධිකාරියට පැමිණිලි ලැබී තිබෙන බව වාර්තා වේ.

එහිදී ඔවුන්ගේ භාණ්ඩවල ගැටලු ඇති බවත් ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට නියමිත බවත් පවසමින් සහ තමා පාරිභෝගික කටයුතු අධිකාරියේ ඉහළ නිලධාරියකු බව ප්‍රකාශ කරමිනුයි අදාළ පුද්ගලයා දුරකථන ඇමතුම් ලබා දී ඇති බව සඳහන් වේ.

එබැවින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා දැනුම් දෙන්නේ, කිසියම් අයෙකුට එවැනි දුරකථන ඇමතුමක් ලැබුනොත් ළඟම ඇති පොලිසියට හෝ පාරිභෝගික අධිකාරියේ 1977, 0112 445 897, 0771 088 922 යන අංකවලට දැනුම් දෙන ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan