*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

අනුරගෙන් තිස්සකුට්ටිට එන්තර වාසියක්!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සිදුකළ දුකළ ප්‍රකාශයක් මගින් තමන්ට අපහාසයක් වූ බව පවසමින් ජාතික ජන බාල්වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා විසින් එන්තරාවසියක් යවා තිබේ.

තිස්ස කුට්ටිආරචි මන්ත්‍රීවරයා පසුගිය 19 වෙනිදා මැද කොළඹ දී පැවැත්වූ පොහොට්ටුවේ ජන හමුවක දී කළ ප්‍රකාශයක් සම්බන්ධවයි එලෙස එම එන්තරාවාසිය යවා ඇත්තේ.

නීතිඥ සුනිල් වටගල මහතා විසින් රුපියල් බිලියන දහයක් ඉල්ලා මෙම එන්තරාවාසිය අනුර දිසානායක මහතා වෙනුවෙන් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා වෙත යවා තිබේ.

එම එන්තර වාසිය,
“එන්තරවාසිය
2023.08.22

තිස්ස කුට්ටිආරච්චි
පාර්ලිමේන්තු මන්ත්‍රි,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,
අංක 187, මහා වීදිය,
බණ්ඩාරවෙල.

මහත්මයාණෙනි,

වර්ෂ 2023.08.19 වන දින මැද කොළඹ ප්‍රදේශයේ ජනතා හමුවක දී කරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.
මාගේ සේවාදායකයා වන අංක 464/20, පන්නිපිටිය පාර, පැලවත්ත ස්ථානයේ පදිංචි අනුර කුමාර දිසානායක යන අයගේ උපදෙස් මත ඔබවෙත දන්වා සිටින වග නම්,මගේ සේවාදායකයා ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගයේ නායකයා වන බවත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරනු ලබන බවත් ය .

මාගේ සේවාදායකයාගේ උපදෙස් මත මා කියා සිටින්නේ 2023.08.19 වන දින කොළඹ දිස්ත්‍රික්කයේ, මැද කොළඹ ප්‍රදේශයේ පවත්වනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් දේශපාලන පක්ෂය මගින් සංවිධානය කරන ලද ජන හමුවකදී පහත ප්‍රකාශය ඔබ විසින් සිදු කර ඇති බවයි.

“සජබෙ පක්ෂෙ හොදයි ඇයි? අපේ කට්ටිය සමහර වෙලාවට එහේ කට්ටිය මෙහෙ. මාත් හිටියේ එහේ. ඒ නිසා උනුත් එකයි අපිත් එකයි. ඒ නිසා ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. දැන් කියනවා මේක උදාහරණෙට අරගෙන අනුර කුමාර දිසානායක උනුත් එකයි මුනුත් එකයි ඒ නිසා බලය අපිට දෙන්න. රාජාංගනේ හාමුදුරුවන්ට හම්බුනේ කෝටි දහයයි. ලක් අම්මට හම්බුනේ ලක්ෂ අටයි නේ. ඩෑන් අර රැට්ට පරට්ටට ලක්ෂ 50ක් ගිණුමට ආවානම් මේකට දැවැන්ත නායකත්වයක් දුන්න අනුර කුමාරට කියක් එන්න ඇත්ද? විදේශ රටවල් ගණනාවකින් අනුර කුමාරගේ ගිණුමට ඩොලර් ආවා. ඒ ඩොලර් ඔක්කොම එකතු කරලා අන්න අනුර කුමාර දිසානායකගෙ හෙළුව පේනවා මෝල්ටාවේ බිලියන 5ක් ආයෝජනය කරලා. ඔන්න බඩු. අන්න අපට දැන් පැහැදිලියි අනුර කුමාරගේ වැඩපිළිවෙල. මොල්ටාවේ විජ්ජාව වැඩිකල් යන්න කලින් ඇත්ත හොයාගෙන අනුර මහත්තයෝ උඹට අපි දඩුවම් දෙනවා කියන කාරණාව නං ඉතා පැහැදිලිව මතක් කරනවා”

මට ලැබී ඇති උපදෙස් පරිදි ඔබ විසින් එකී ජන හමුවේ දී මාගේ සේවාදායකයා සම්බන්ධයෙන් සඳහන් කරනු ලැබූ සියල්ල විද්‍යුත් මාධ්‍ය, ප්‍රවෘත්ති පත්‍ර සහ වෙබ් මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාව තුළ සහ ලොව පුරා ප්‍රචාරය වී ඇත. වැඩිදුරටත් මා ප්‍රකාශ කර සිටින්නේ ඔබ විසින් එසේ ජන හමුවක් පවත්වමින් මාගේ සේවාදායකයා සම්බන්ධයෙන් ප්‍රකාශ කළ ඉහත සදහන් සියලු කාරණා අසත්‍ය සහ ද්වේශසහගතව ප්‍රකාශ කිරීමට කටයුතු කර ඇති බවට මට උපදෙස් ලැබී ඇති බවත්ය.

මට ලැබී ඇති උපදෙස් පරිදි මා ප්‍රකාශ කර සිටින්නේ මගේ සේවාදායකයා ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබල වේගයේ නායකයා බවත් සහ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස රටෙහි වගකිව යුතු නිලයක කටයුතු කරන බවත් ඔබ විසින් සිදු කර ඇති පදනම් විරහිත අසත්‍ය සහ ද්වේශසහගත චෝදනා මගින් ඔහුට බරපතල අපහාසයක් සිදුව ඇති බවත් ඔහුගේ කිර්තිනාමයට මහත් වූ හානියක් සිදු වී ඇති බවත්ය. එසේම ඔහු කෙරෙහි ඇති මහජන විශ්වාසය, ගරුත්වය සහ පිලිගැනීම විනාශ කිරීමේ චේතනාවෙන් එම ප්‍රකාශය සිදු කර ඇති බවට මා වෙත වැඩිදුරටත් උපදෙස් ලැබී ඇති බවයි.

ඒ අනුව මා වෙත උපදෙස් ලැබී ඇත්තේ ඔබ විසින් මගේ සේවාදායකයා සම්බන්ධයෙන් 2013.08.19 වන දින ජන හමුවක් පවත්වමින් සිදු කරනු ලැබූ ද්වේශ සහ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් මෙම එන්තරවාසිය ලැබී දින 14ක් ඇතුලත මාගේ සේවදායකයාහට අත්විදීමට සිදු වනු ලැබූ අපකීර්තිය, ලැජ්ජාව හා අපහාස වෙනුවෙන් අලාභ ලෙස රුපියල් බිලියන දහයක මුදලක් මගේ සේවාදායකහට ගෙවන ලෙසත් එකී මුදල් ඔබ විසින් මෙම ලිපිය ලැබී දින 14ක් ඇතුලත ගෙවීමට අපොහසත් වුවහොත්, ඉහත සදහන් මුදල අය කරගැනීම සදහා සිවිල් අධිකරණයක ඔබට විරුද්ධව නඩු පැවරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බවට ඔබ වෙත මෙයින් දන්වා සිටීමට මා වෙත උපදෙස් ලැබී ඇති බවයි.

ස්තුතියි
මෙයට – විශ්වාසී
සේවාදායකගේ නීතීඥ”

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan