සටහන – රුවන් නෙළුගොල්ල
මෙරට ප්රවීණතම දේශපාලනඥයකු වූ මංගල සමරවීර මහතාගේ අභාවප්රාප්ත වී තුන් වසරක් සැපිරීම සිහිපත් කරමින් “මංගල මොහොතක්” ගුණ සමරු වැඩසටහන අද (23) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව, “මංගල මොහොතක්” වැඩසටහන අද පස්වරු 04.30 ට කොළඹ 07, ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ ශ්රවණාගාරයේදී ආරම්භ වේ.
මංගල සමරවීර මහතා කොවිඩ් රෝගය වැළඳීම හේතුවෙන් අභාවප්රාප්ත වූයේ 2021 අගෝස්තු 24 වනදා ය. ඒ මහතා ඒ වනවිට 65 වැනි වියේ පසුවිය.