එංගලන්තය කඩුලු 4 ක් අතැතිව ලකුණු 23 ක් ඉදරියෙන්

සටහන – නිශ්මං රණසිංහ 

අගෝස්තු 23, LNW කොළඹ:ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වන ඊයේ දිනයට තරගය නවතන විට එංගලන්ත කණ්ඩායමේ කඩුලු 6 ක් ලකුණු 259 ක් තුළ දැවී ගොස් තිබුණා.තවත් කඩුලු 4 ක් ඉතිරිව එංගලන්තය මේ වන විට තරගයේ ලකුණු 23 ක් ඉදරියෙන් සිටිනවා.

උදෑසන පැය දෙකකට වැඩි කාලයක් වර්ෂාව විසින් උඳුරා ගැනීමෙන් අනතුරුව දෙවන දිනයට ඇරඹි තරගය ශ්‍රී ලංකාවේ ලකුණු 236 පහසුවෙන් පසු කර යනු ඇතැයි යන විශ්වාසය බොහෝ තැන්වලින් පළ වුණත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සිය කාර්යභාරය නොපිරිහෙළා ඉටු කළහ.විශේෂයෙන් අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු එංගලන්තයේ නව ටෙස්ට් ආර වන ඉක්මණින් ලකුණු අතරට ඒමේ උත්සාහයට හරස් වෙමින් පන්දු යැවූ අතර ඊයේ දිනය නිමා වන විට එහි හොඳම ප්‍රතිපල අත් කර ගන්නට සමත් වී සිටියේ අසිත ප්‍රනාන්දු ය.අසිත ලකුණු 68 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් විය.ප්‍රභාත් ජයසූරිය ලකුණු 58 ට කඩුලු 2 ක් දවා ගෙන සිටි අතර විශ්ව ප්‍රනාන්දු ලකුණු 51 ට එක් කඩුල්ලක් දවා ගෙන සිටියි.

එංගලන්ත ඉණිමේ මේ දක්වා වැඩිම ලකුණුලාභියා වෙමින් අංක 6 පිතිකරු ජෙමී ස්මිත් නොදැවී ලකුණු 72 ක් ලබා ගෙන සිටියි.හැරී බෘක් ලකුණු 56 ක් ලබා ගැනීමට සමත් විය.එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් ලකුණු 42 ක් රැස් කළ අතර නායක ඔලී පෝප් හැරෙන්නට සෙසු ක්‍රීඩකයින් එංගලන්ත ඉණිමට ඉලක්කම් දෙකේ ලකුණු ප්‍රමාණයන්ගෙන් දායක වී සිටියේය.අංක හය පිතිකරු දක්වාම එංගලන්ත පිතිකරුවන්ගේ ලකුණු ලබා ගැනීම සියයට 70 ඉක්මවමින් රඳවා ගෙන ඇති අතර එහෙත් ඔවුන් ප්‍රහාරය හරහා ශ්‍රී ලංකාවට පීඩනයක් ඇති කරන්නට ගත් උත්සාහය සිතූ තරම් සාර්ථක කර ගන්නට නොහැකි වී ඇත.

ප්‍රභාත් ජයසූරිය සිය දඟ පන්දුව වේග පන්දු තණතීරු මත තර්ජණාත්මකව හැසිරිවීම සඳහා උත්සාහ කරමින් සිටින අතර ඊයේ ඔහු සතුවු කඩුුලු දෙකම දඟ කැවීම ඉදිරියේ පිතිකරු මුලා කර කඩුල්ලේ දැවටුණු පන්දුවලින් හිමි වීම අද දවස ගැන වෙනස් බලාපොරොත්තු ඇති කරන්නකි.
දැනට තරගයේ ලකුණු පූවරුව – https://es.pn/4dyNxNc

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...