(PHOTOS):මංගලගේ මංගල මොහොත!

Date:

කොළඹ LNW:මෙරට ප්‍රවීණතම දේශපාලනඥයකු වූ මංගල සමරවීර මහතාගේ අභාවප්‍රාප්ත වී තුන් වසරක් සැපිරීම සිහිපත් කරමින් “මංගල මොහොතක්” ගුණ සමරු වැඩසටහන අද (23) කොළඹ 07, ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

ඔහු සමඟ සමීපව ඇසුරු කළ දේශපාලන පිටියේ මෙන්ම සිවිල් සමාජයේද හිත මිතුරන් රැසකගේ සහභාගීත්වයෙන් එම සැමරුම සංවිධානය කර තිබුණි.

අනපේක්ෂිත ලෙස කොවිඩ් රෝගය වැළඳීම හේතුවෙන් මංගල සමරවීර මහතාඅභාවප්‍රාප්ත වූයේ 2021 අගෝස්තු 24 වනදා ය.

ඒ මහතා ඒ වනවිට 65 වැනි වියේ පසුවිය.

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ තීරණාත්මක සාධකයක් ලෙස කවර මොහොතකදී වුවද ක්‍රියා කළ මංගල සමරවීර මහතා දේශපාලන සන්නමයක් බවට පත්වූයේම ඔහුගේ සුවිශේෂී දේශපාලන ව්‍යවහාරය නිසාමයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න
.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...

GMOA දීපව්‍යාප්ත වැඩවර්ජනයකට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් 2025 අගෝස්තු...