සමහර ක්ෂේත්‍රවල ප්‍රශ්න විසඳන්න අත්දැකීම් ඇති අය ඕනෑ. 22 අත්‍යාවශ්‍යයයි – ඇමති වසන්ත

සටහන – රුවන් නෙළුගොල්ල

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව වැඩිකිරීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

“22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. මේකත් අත්‍යාවශ්‍යයි මේ වෙලාවෙ. සාමාන්‍ය ඉඩම් නඩුවක් උසාවියට ගියොත් කොච්චර කල් යනවද ? ඇස් වහගෙන කිව්වහැකි අවුරුදු දහයෙන් එහා කියලා. නේද ? අධිකරණ පද්ධතිය තුළ ගොඩගැහිලා තියෙනවා නඩු. සමහර ක්ෂේත්‍රවල තියෙන ප්‍රශ්න විසඳන්න යනකොට අත්දැකීම් ඇති පළපුරුද්ද ඇති අය ක්ෂේත්‍රයේ ඉන්න ඕනෙ විතරක් නෙවෙයි, ඒ සමහර සංශෝධන නොකර මේ වැඩේ කරන්න බැහැ. ඔය විපක්ෂය පස් කන්න හදනවා. හැබැයි ඉතින් මොකක්ද ස්වාධීනත්වයට හානිවෙන විදිහ කියලා කියන්නෙ නැහැ. එක එක පුද්ගලයෝ බලන් නෙවෙයි මේක කරන්නෙ. වසර දෙකක සේවා කාලය වැඩිකිරීම විතරක් නෙවෙයි අපි අධිකරණ පද්ධතියේ විශාල වැඩ කොටසක් කරමින් තියෙන්නෙ”

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවේ මොරවක්කෝරළේ සමූපකාරයේ නව පරිපාලන ගොඩනැගිල්ලට මුල් ගල්තැබීමේ උත්සවයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ගෝඨාගේ හිටපු ලේකම් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : හිටපු ජනාධිපති ගෝඨාභය...

ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ නීතිමය තත්ත්වය මෙන්න – බන්ධනාගාරයෙන්ම පහදයි!

කොළඹ LNW:බන්ධනාගාර නීති රෙගුලාසි අනුව වසර තුනකට වැඩි සිරදඬුවම්...

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...