ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි. දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ

Date:

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් (Lee Hsien Loong) මහතා අතර නිල හමුව ඊයේ (22) දහවල් ඉස්තානා මන්දිරයේ දී සිදු විය.

මෙහිදී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා සුහදශීලිව පිළිගනු ලැබීය.

නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින සහයෝගීතාව ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහිදී නායකයන්ගේ අවධානය යොමු විය.

දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම පිළිබඳව ද නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

එසේම පැරිස් සම්මුතියේ 6 වන වගන්තියට අනුව කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමට ද මින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ අත්සන් තැබිණි.

සිංගප්පූරුවේ වෙළෙඳ හා කර්මාන්ත ස්ථීර ලේකම් (සංවර්ධන) බේහ් ස්වන් ජින් මහතා (Beh Swan Gin) සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සශිකලා ප්‍රේමවර්ධන මහත්මිය ගිවිසුමට අත්සන් තැබීය.

පැරිස් ගිවිසුමේ 6වන වගන්තිය මඟින් ජාත්‍යන්තර කාබන් වෙළෙඳාම යටතේ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම අරමුණු කර ගනිමින් ලාභදායී අයුරින් සහයෝගයෙන් කටයුතු කිරීමට රටවලට අවස්ථාව ලබා දී තිබේ. ඒ අනුව පැරිස් ගිවිසුමේ සඳහන් රාමුව තුළ කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමට මෙලෙස අත්සන් තැබිණි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු ද ජනාධිපතිවරයා සමග මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාල් බබා ….

විපක්ෂ භූමිකාවෙන් අයින් වෙලා දැන් ආණ්ඩුකරණ භූමිකාවේ ඉන්න ලාල්...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණ වාර්තාව

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 16) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

විනිසුරු ලෆාර් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීමේ යෝජනාව සලකා නොබලයි. අභියාචනාධිකරණයට දෙදෙනෙකු පත්කිරීමට අනුමැතිය

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණ...

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...