*
Friday, October 4, 2024
spot_img

Latest Posts

එදා ජනතාව විඳි දුක දුටු සජිත් හා අනුර ජනතාවට අනුකම්පා කළේ නැහැ – ජනපති රනිල්

සටහන – රුවන් නෙළුගොල්ල

එදා ජනතාව විඳි දුක දැක දැකත් අනුකම්පා නොකර පැන ගිය සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක රට ඉදිරියට ගෙන යාමට සුදුසුදැයි මේ රටේ ජනතාව තීරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

2022 ජූලි මාසයේ දී තමා ආණ්ඩුව භාරගෙන පළමුවරට සිදු කළේ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාදීම බව සිහිපත් කළ ජනාධිපතිවරයා එම කන්න 04 සාර්ථක කර ගනිමින් රටේ වී නිෂ්පාදනය ඉහළ නංවා කුඹුරත් මුළුතැන්ගෙයත් පිරවීමට කටයුතු කළ බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (23) පස්වරුවේ මඩකලපුව, එරාවුර් අහමඩ් ෆරීද් ක්‍රීඩාංගණයේ දී පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැළියට එක්වෙමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් පැවති මෙම ජන හමුවට සිංහල, දෙමළ, මුස්ලිම් බේදයකින් තොරව ප්‍රදේශයේ අති විශාල ජනතාවක් එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

“මීට වසර දෙකකට පෙර ආහාර නැතිව, ගොවිතැන් කිරීමට පොහොර නැතිව සිටි බව මෙහිදී සඳහන් කෙරුණා. එය සත්‍යයක්. ගොවිතැන් කිරීමට පොහොර තිබුණේ නැහැ. ආහාර, ඖෂධ තිබුණේ නැහැ. ජනතාව ජීවත්වුණේ අසීරුවෙන්. මම 2022ජූලි මාසයේ දී ආණ්ඩුව භාරගෙන මුලින්ම කටයුතු කළේ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාදීමටයි.

මෙහිදී 2022, 2023 යල, මහ කන්න සාර්ථක වුණා. ඒ වගේම 2024 මහ කන්නය සාර්ථක වුණා. 2024, 2025 මහ කන්නයද සාර්ථක වන බව අද මෙම ප්‍රදේශවලට පැමිණෙන විට දක්නට ලැබෙනවා. මේ ආකාරයට කුඹුරත්, කුස්සියත් පිරවීමට අප කටයුතු කළා.

ඉන්ධන, ඖෂධ වගේම ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ අද තිබෙනවා. ඒ වගේම ආර්ථිකය ශක්තිමත් වී තිබෙනවා. මේ වන විට සංචාරකයින් පැමිණිම ආරම්භ වී තිබෙන නිසා ව්‍යාපාර දියුණු වී තිබෙනවා. බඩු මිල තවත් අඩුවිය යුතු බව පිළිගන්නවා. බඩු මිල අඩු කිරීමට හැකි වන්නේ රුපියල ශක්තිමත් කිරීම හරහායි.

මම මේ රට භාරගන්නා විට ඩොලරයක මිල රුපියල් 370 දක්වා ඉහළ ගොස් තිබුණා. අද ඩොලරයක මිල රුපියල් 300යි. මම මේ රටේ භාර ගනිද්දි දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 76කට අඩු වෙලා තිබුණා. නමුත් 2023 අවසන් වන විට එය ඩොලර් බිලියන 84ක් බවට පත්කර ගැනීමට අප කටයුතු කළා.

අප ජනතාවට තවදුරටත් සහන ලබාදිය යුතුයි. ඒ වගේම දළ දේශීය නිෂ්පාදන ඩොලර් බිලියන 89ක් බවට පත්කර ගත යුතුයි. එවිට රුපියල තවත් ශක්තිමත් වෙනවා. එපමණක් නොවෙයි දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 92ක් බවට පත්කරගතහොත් රුපියල තවත් ශක්තිමත් වෙනවා. අද අප සිදු කරන්නේ එම කටයුත්තයි. එම වැඩපිළිවෙළ ක්‍රියාත්ම කිරීමට සජිත්ට හෝ අනුරට හැකියාවක් නැහැ.

රට භාර ගන්නා ලෙස ඉල්ලු විට සජිත් සහ අනුර පැනලා දිව්වා. එවන් පිරිසකට රටක් පාලනය කළ හැකිද, ජනතාව අසීරුතාවට මුහුණ දුන් අවස්ථාවේ ඔවුන් පැනලා ගියා. මට තිබුණේ තනි මන්ත්‍රී ආසනයක්.. නමුත් ජනතාව දුක් විඳින නිසා මම මේ රට භාරගත්තා. ජනතාව දුක් විඳින අයුරු මම දැක්කා. ත්‍රිවිල් රියදුරන්ට හයර් එක්ක යාමට නොහැකි වුණා. මේවා දැකලා මේ නායකයන් අනුකම්පා කළාද, නමුත් ඒ අවස්ථාවේ රට භාරගත් මම ද්‍රොහියෙක් කියලා අද ඔවුන් කියනවා. මම හොරු ආරක්ෂා කරනවලු. ඔවුන් හිතන්නේ එපමණයි. ජනතාවගේ දුක ගැන ඔවුන් හිතුවේ නැහැ.

ඔවුන් කිව්වා සමෘද්ධිය ගෙවන්න සල්ලි නැහැ කියලා. නමුත් මම අස්වැසුම හරහා ජනතාවට සමෘද්ධි දීමනාව මෙන් තුන් ගුණයක මුදලක් ලබා දුන්නා. ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 16 – සිට ලක්ෂ 24 දක්වා ඉහළ නංවා තිබෙනවා.

පාසල් දරුවන්ට ආහාර වේලක් ලබාදීමට අප කටයුතු කළා. ඒ වගේම වැඩිහිටි දීමනාව වැඩි කළා. සජිත් හා අනුර මෙම කටයුතු සිදු කිරීම වෙනුවෙන් මා සමග එක් නොවුණේ ඇයි. මේ රටේ ජනතාව සජිත්ට හා අනුරට වරදක් කළාද, ඒකද ඔවුන් ජනතාව උදව් නොකරන්නේ. ඔවුන් ජනතාවගේ ප්‍රශ්න ගැන සිතුවේ නැහැ. තමන් ගැන පමණයි සිතුවේ. එසේනම් ජනතාව ඔවුන්ට ඡන්දය ලබාදිය යුතුද, භූමදානය කරන්නේ නැතිව ආදාහනය කිරීම නිසා මුස්ලිම් ජනතාවට විශාල හානියක් සිදු වණා. කැමති අයට භූමදානය කළ හැකි අතර, කැමති අයට ආදාහනය කිරීමටත්, කැමති අයට තමන්ගේ සිරුර වෛද්‍ය පීඨයට ලබා දිය හැකි ආකාරයට අප අලුත් නීතියක් ගෙන එනවා. අලි සබ්‍රි ඇමතිතුමා එය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර, අප එය ගැසට් කරනවා. ඇයි සජිත් හෝ අනුර මෙහෙම පනතක් ගෙනාවේ නැත්තේ. මෙය මුදල් පනතක් නොවෙයි, ඕනෑම මන්ත්‍රීවරයෙකුට ගෙන ආ හැකි පනතක්. ඒ වගේම මේ තත්ත්වයට මුහුණදුන් පාර්ශ්වයන්ට වන්දි ගෙවීමටද කමිටුවක් පත් කරනවා. මෙම සිදුවීම පසුගිය ආණ්ඩු සමයේ සිදුවුවත් වත්මන් ආණ්ඩුව ඒ පිළිබඳ මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලුවා.

අප තව දුර යා යුතුයි. අප මෙම වැඩ කටයුතු ආරම්භ කළා පමණයි. තවත් ඉදිරියට යා යුතුයි. ඒ සඳහා අපට ආධාර අවශ්‍යයි. මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රටවල් 17ක් සමග සාකච්ඡා කර ආධාර ලබාගෙන තිබෙනවා. අපි ජාත්‍යන්තර මූලය අරමුදල සමඟ ගිවිසුමකට එළැඹ තිබෙනවා. එම ගිවිසුම කඩ කළහොත් අපට මුදල් ලැබෙන්නේ නැහැ. නමුත් සජිත් කියනවා එම ගිවිසුම වෙනස් කරනවා කියලා. අනුරත් කියනවා මෙම ගිවිසුම වෙනස් කරනවා කියලා. එසේ කළහොත් නැවත මේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා.

ගඟට වැටි මැරෙන්න ගිය මිනිහා බේරාගෙන ගං ඉවුරට ගෙන ආ විට නැවත ගඟට පනිනවාද ? අපි මේ රට ගොඩනැඟිය යුතුයි. තරුණයන්ට අනාගතයක් ගොඩනඟා දිය යුතුයි. මෙය ආරම්භය පමණයි. අප ඉදිරියට යා යුතුයි. ඔබේ අනාගතය ගැන සිතා ගෑස් සිලින්ඩරයට ඡන්දය දෙන්න කියා මම කියනවා”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan