ඊසානදිග ඉන්දියාවට හා බංග්ලාදේශයට බලපෑ ගංවතුර හේතුවෙන් 36 දෙනෙකු මරුට; මිලියන ගණනක ජනතාව අවතැන්

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග ඉන්දියාවට හා බංග්ලාදේශයට බලපෑ ගංවතුර තත්වයන් හෙතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව මිලියන ගණනක් ජනතාව අවතැන්ව ඇති බව වාර්තා වේ.

බංග්ලාදේශයේ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් මිලියන 4.5 කට ආසන්න ජනතාවක් පීඩාවට පත්ව ඇති අතර, පුද්ගලයින් 200,000ක් පමණ ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බව එරට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

එමෙන්ම බංග්ලාදේශයට මායිම් වන ඊසානදිග ඉන්දියාවේ ත්‍රිපුර ප්‍රාන්තයේ ද ගංවතුර තත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් 64,000 කට වැඩි පිරිසක් සහන කඳවුරුවල නවාතැන් සොයමින් සිටින බව ප්‍රාන්තයේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත,

ඉන්දියාවේ ගෝමතී නදියේ පිහිටි දුම්බුර් වේල්ලෙන් ජලය මුදා හැරීමට එරෙහිව බංග්ලාදේශයේ සිසුන් පසුගිය දිනවල විරෝධතාවක නිරත වු අතර එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර තිබුණේ, පසුගිය දින කිහිපය පුරා මේ වසරේ ඇති වූ අධිකම වර්ෂාව ඊසාන දිග ඉන්දියාවට ලැබීම හේතුවෙන් ගංවතුර තත්වය ඇතිවූ බවයි.

පසුගිය මාස කිහිපය තුළ දැඩි ගංවතුර සහ මඩ නාය යෑම් හේතුවෙන් දකුණු ආසියාව පුරා සිය ගණනක් මිය ගොස්, මිලියන ගණනක් අවතැන් වී යටිතල පහසුකම් විනාශ වී ඇති අතර මෝසම් සමයේදී කලාපයේ ගංවතුර සුලභ වන අතර, විද්‍යාඥයින් පවසන්නේ මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික අර්බුදය ආන්තික කාලගුණික සිදුවීම් උග්‍ර කර ඒවා වඩාත් මාරාන්තික කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...