Machu Picchu බෙල්ලේ එල්ලගෙන එනකම් බලා සිටින්නෙමු

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 24, (LNW) කොළඹ :

පේරු රාජ්‍යයේ දකුණු පේරු හි නැගෙනහිර කෝඩිලෙරා හි මීටර් 2,430 (අඩි 7,970) ක කඳු මුදුනක පිහිටා ඇති මචු පිච්චු (Machu Picchu) නම් වූ ඉන්කා බලකොටුව විශ්වීය ගෞරවයට පාත්‍ර 15 වන සියවසට අයත් ඉදිකෙරුමක් බවට සාක්ෂි සාධක ඇත.නූතණ ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස ගැනෙන මේ විශ්මිත ඉදි කෙරුම ලෝක උරුමයක් ලෙස සැළකෙන්නේය.
මේ ලෝක උරුමය මෙවර පේරු හී ලීමා කේන්ද්‍ර කරගෙන පැවත්වෙන අවුරුදු 20 න් පහළ ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට ඉදිරිපත් වි ජයග්‍රහණය ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ප්‍රදානය කරන පදක්කම් වලට යොදා ඇත.

Machu Picchu ඉන්කා බලකොටුව


එසේම ඉන්කා අධිරාජ්‍යයේ කාලවලදී, “චැස්කිස්” නම් පැරණි ධාවකයන්, එක් නගරයක සිට තවත් නගරයකට පණීවිඩ ගෙන යාමට යොදා ගෙන ඇත.විශාල භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි යොදා ගැණුන මෙම ධාවකයන්ගේ ශක්තිය සහ සේවය අගයමින් ඔවුන් ද නිරූපනය වන සේ මේ පදක්කමට සංඛේතාත්මකව ඇතුළත් කර ඇත.
ලීමා ධාවන පථයද සහිත මේ සංඛේත දෙකද ඇතුළත් වන සේ නිරූපිත මේ ඓතිහාසික පදක්කමක් හෝ ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගෙලේ ද පැළදෙනු ඇතැයි අපි විශ්වාසයෙන් බලා සිටිමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...

පළාත් සභා ජන්දය නොතියන්න හේතුව හිටපු මන්ත්‍රී ගම්මන්පිල හෙළිකරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ...