හිටපු ජනාධිපතිව මම දැන් බලලා ආවේ:වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW:

හිටපු ජනාධිපතිවරයාට විජලන තත්ත්වයක් ඇතිව ඇති බවත් ඔහුගේ ශරීරයේ ඇති රුධිරයේ වෙනස් වීම් සහ වෙනත් සළකුණුද මේ වන විට නිරීක්ෂණය වී ඇති බවත්, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා,

“හිටපු ජනාධිපතිව මම දැන් බලලා ආවේ. ඔහුට යම්කිසි විජලනය තත්ත්වයක් වෙන්න ඕනේ යම් යම් වෙනස් වීම් තියෙනවා ශරීරයේ ලේවල සහ වෙනත් සළකුණුවල. ඉතිං අපි දවස් තුනක් දැඩි විවේකී තත්ත්වයක තියන්නත් ඕනේ, විජලනයට ප්‍රතිකාර කරන්නත් ඕනේ. ඒ කළේ නැත්නම් හෘදයාබාධ, වකුගඩු ආබාධ සහ වෙනත් සංකූලතා පැන නගින්න පුළුවන්. ඒ නිසා තමයි ඔහු දැඩි නිරීක්ෂණයක් යටතේ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායම් කිහිපයක් යටතේ ඔහුව මේ වෙලාවේ බලාගන්නවා. ඔහුට දවස් දෙක තුනක් යද්දි හොඳ අතට හැරෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. බැරි වෙලාවත් අපි හරියට ප්‍රතිකාර කළේ නැත්නම් ඒ සංකූලතා වර්ධනය වෙන්න පුළුවන්.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා IFC දායකත්වය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : මුදල් හා සැලසුම්...

සංගා-Ryanair ආන්දෝලනාත්මක සිදුවීම; ඩබ්ලින් ගුවන් තොටුපළේදී සිදුවූයේ කුමක්ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 31, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ...

එජාප නීති කමිටුවේ සභාපති ධුරය රොනල්ඩ් සී. පෙරේරාට!

එක්සත් ජාතික පක්ෂයේ නීති කමිටුවේ සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ...

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...