රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා වන කිසිදු විභාගයක් මින් ඉදිරියට නොපවත්වන ලෙස මුදල් අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. මීට අමතරව මෑත කාලය තුළදී පැවති බඳවා ගැනීමේ තරග විභාගවල ප්‍රතිඵලද අත්හිටුවන ලෙස දැනුම් දී තිබෙනවා.
පවත්නා මුල්‍ය අර්බුදය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමද අර්බුදයට ගොස් ඇති අතර මේ නිසා රාජ්‍ය සේවකයන් අඩු කිරීමේ උත්සාහයක රජය නිරතව සිටී.
මෙම තීරණය හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේදී පැවති, රජයේ පාසල් සඳහා සෞන්දර්ය, ගෘහ ආර්ථික විද්‍යා, ඉංග්‍රීසි ගුරුවරුන් තෝරා ගැනීමේ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ. අදාල විභාගයේ ප්‍රතිඵල නිකුත් කළහොත් බඳවා ගැනීම් සිදුකළ යුතුව තිබෙන බැවින් ප්‍රතිඵල නිකුත් කරන ලෙස මෙතෙක් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දී නොමැති බව අධ්‍යාපන බළධාරීන් පවසනවා.
මෙම වසරේ අයවැය යෝජනාවලට අනුවයි රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම අත්හිටුවා තිබෙන්නේ.
UN