මර්දනය කියන්නේ රනිල්ගේ ක්‍රමය නෙවෙයි. රනිල්ව අමාරුවේ දාන්න ආණ්ඩුවම කරන වැඩ වෙන්නත් පුළුවන් – රාජිත (VIDEO)

Date:

මේ වන විට රට තුළ ක්‍රියාත්මක මර්දනය වහාම නතර කරන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පෞද්ගලිකවම පවසා තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

ඒ,පසුගිය ජන අරගලයේ සක්‍රීය චරිතයක්ව සිටිමේ වන විට කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින සේනාධි ගුරුගේ මහතා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම හිතවතුන් කිහිපදෙනෙකු සමඟ පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවෙතත් ඔවුන්ට සේනාධි ගුරුගේ මහතා මුණ ගැසීමට නොහැකි වී තිබුණේ ඔහුව පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති හෙයිනි.

හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බවට දැනුම් දී තිබියදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙලෙස අත්අඩංගුවට ගන්නේ කුමන නීතියකට පදනම්වද යන්න එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රශ්න කර සිටියේය.

මෙහිදී රාජිත සේනාරත්න මහතා පැවසුවේ මෙලෙස මර්දනය දියත් කිරීම රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රමවේදය නොවන බවයි.

එහෙත් දැන් සිදුවන මර්දනය ක්‍රියාත්මක වන්නේ වික්‍රමසිංහ මහතාගේ වුවමනාවටද නැතහොත් වික්‍රමසිංහ මහතා අමාරුවේ දැමීම සඳහා රජයේ කොටස් විසින් සිදුකරන්නේද යන ප්‍රශ්නය පවතින බවද සේනාරත්න මහතා කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර පහකට පසුව මියන්මාර හමුදා පාලනයෙන් පවත්වන මැතිවරණයත් මුලාවක්?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මියන්මාර හමුදා පාලනය විසින් 2021 වසරේ...

දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස කොසෝවෝහි හදිසි මැතිවරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරක දේශපාලන අස්ථාවරත්වය...

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...

ආපදා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉන්දු – ලංකා කමිටුවක්!

කොළඹ LNW: දිට්වා අපදවෙන පසු ආපදා ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී...