මර්දනය කියන්නේ රනිල්ගේ ක්‍රමය නෙවෙයි. රනිල්ව අමාරුවේ දාන්න ආණ්ඩුවම කරන වැඩ වෙන්නත් පුළුවන් – රාජිත (VIDEO)

Date:

මේ වන විට රට තුළ ක්‍රියාත්මක මර්දනය වහාම නතර කරන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පෞද්ගලිකවම පවසා තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

ඒ,පසුගිය ජන අරගලයේ සක්‍රීය චරිතයක්ව සිටිමේ වන විට කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින සේනාධි ගුරුගේ මහතා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම හිතවතුන් කිහිපදෙනෙකු සමඟ පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවෙතත් ඔවුන්ට සේනාධි ගුරුගේ මහතා මුණ ගැසීමට නොහැකි වී තිබුණේ ඔහුව පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති හෙයිනි.

හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බවට දැනුම් දී තිබියදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙලෙස අත්අඩංගුවට ගන්නේ කුමන නීතියකට පදනම්වද යන්න එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රශ්න කර සිටියේය.

මෙහිදී රාජිත සේනාරත්න මහතා පැවසුවේ මෙලෙස මර්දනය දියත් කිරීම රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රමවේදය නොවන බවයි.

එහෙත් දැන් සිදුවන මර්දනය ක්‍රියාත්මක වන්නේ වික්‍රමසිංහ මහතාගේ වුවමනාවටද නැතහොත් වික්‍රමසිංහ මහතා අමාරුවේ දැමීම සඳහා රජයේ කොටස් විසින් සිදුකරන්නේද යන ප්‍රශ්නය පවතින බවද සේනාරත්න මහතා කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...

හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...