මංගල සමුගෙන වසර දෙකයි !

Date:

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී අදට (24) වසර දෙකක් සපිරේ.

කොවිඩ් වෛරස් ආසාදනයට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා 2021 අගෝස්තු 24 වනදා අභාවප්‍රාප්ත විය.

මංගල සමරවීර යනු ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ, විශේෂයෙන්ම ලිබරල් දේශපාලනය තුළ නොමැකෙන මතක සටහන් බොහෝ ඉතිරි කළ අයෙකි.

ජාතිවාදයට, ආගම්වාදයට, යුධවාදයට එරෙහිව ඉතාම අසීරු අවස්ථාවල පවා තනිව හෝ සිටගනිමින් මංගල කළ දේශපාලනය තවත් බොහෝ කලකට අප ඇතුළු බොහෝ දෙනෙකුගේ සිත් සතන්හි ජීවමානව පවතිනු නියතය.

මංගල, පවතින දේශපාලන මොහොතේ හඹායන බොහෝ දේශපාලන සුළි කුණාටු මැද ඔබ නැති අඩුව අනේක වාරයක් අපට දැනේ ….

~ Team LNW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...