පිට්ටනියෙ නොදකින පදක්කම්

මෙවර ලෝක සූරතා මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 1500 පිරිමි ඉසව්වෙ වැඩි අවධානයක් යොමුව තිබුණේ නෝර්වේ රාජ්‍යයේ ජාකොබ් ඉන්ගජෙබ්රිග්ස්ටන් වෙතයි.ඔහු මේ වන විට එම ඉසව්වේ ලෝකයේ අංක එකේ ක්‍රීඩකයා හැටියට පිළිගැනෙනවා.එසේම ඔහු පසුපසින් වැඩෙන නෝර්වි ගිලජේ නොරාඩ්ස් ද මීටර් 1500 ගැන කතා කරන විට අමතකම කළ නොහැකි නෝර්වේ ක්‍රීඩකයෙක්.

වඩා වැදගත් වන්නෙ මේ දෙදෙනාම පුහුණු කරන්නෙ ජාකොබ්ගෙ පියා වන ජිරාඩ් ඉන්ගජෙබරිග්ස්ටන් වීමයි.වෘත්තීය ක්‍රීඩක ජීවතයක් ගත කර නැති ජාකොබ්ගේ පියා අද නෝර්වේ රටේ වඩාත් ගරු කටයුතු සම්මානනීය පුහුණුකරුවෙක් වුව ද ඔහු මීට ටික කාලයකට ඉස්සෙල්ලා පුහුණු දැනුම ඉල්ලා පුහුණුකරුවන් පසුපස වැටුණු අහිංසක ගොවියෙක්.
ඔහුට ඔහුහෙැම දරුවෙක්ම දුවන්න දක්වන දක්ෂතාවය හොඳින් දැණුනා.ඒ හැම කෙනෙක්ම දුවවන්න ඔහුට ඕනෑ වුණ නිසා ඒ අයට නිසි විද්‍යානුකූල පුහුණුවක් ලබා දීම පිණිස ඔහු පුහුණුකරුවන් පසුපස වගේම පුහුණුකරුවන් පුහුණුකරන ආයතන පසුපසත් ගියා.නමුත් ඒ තැන්වලින් ඔහුට දොර හැරුණෙ නැහැ.සමහර තැන්වලින් ඔහුට අතුල්වෙන්න බැරි තරමට දොර ඇරලා කතා කරපු අවස්ථාත් තිබුණා.

මේ හැම දෙයකින්ම රිදුණත් ඔහු තදින් පුහුණුකරුවෙක් වීමේ කාර්යය තනිවම පටන්ගත්තා.පොත පතින්,වීඩියෝ තාක්ෂණය මඟින් තොරතුරු හොයා ගනිමින් ඒවා ඔහුට තිබුණ සමාජීය දැණුම සහ අවබෝධය එක්ක අපූරුවට කලවම් කරන්න ඉන්ගජෙබ්රිග්ස්ටන්ට තිබුණා.
අද ඔහු ඒ මහන්සිය නිසාම වෘත්තීය පුහුණුකරුවෙක්.ඉහතින් නම සඳහන් කළ ක්‍රීඩකයින් දෙදෙනා ගත් විට එම දෙදෙනාගේම පුහුණුකරු ජිරාඩ් ඉන්ගජෙබ්රිග්ස්ටන්.ඒ ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් අයෙක් ඔලිම්පික් සූර ජාකොබ්.ඒත් අද ඔහු සොයා එන ක්‍රීඩක රෑන අතරෙන් මතු වුණ දක්ෂයෙක් වන නෝවරි,මේ වන විට ජාකොබ්ටත් අභියෝගයක්.හැබැයි පුහුණුකුරවෙක් වශයෙන් ඉදිරියෙන් ඉන්න මිස ජිරාඩ් සිය වෘත්තීය ජීවිතයේ ජාකොබ්ට පසුපසින් ඉන්න ඕනි කියන මතයෙ ක්‍රීඩකයො හදන්න උථ්සාහ කරන්නෙ නැති බව දැනටමත් පැහැදිළි කරලා ඉවරයි.

හැබැයි මෙවර ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ දී ජාකෙබ්ට වගේම නෝර්විට ත් දිනන්න ලැබුණෙ නැහැ.නමුත් පදක්කම් අහිමි වුණේ නැහැ.ජාකොබ් රිදී පදක්කමත්,නෝවර් ලෝකඩ පදක්කමත් දිනා ගත්තා.එංගලන්තයේ ජොස් කෙර් තමයි රන් පදක්කමට හිමිකම් කීවේ.නමුත් වැදගත්ම කාරණය දෙවන සහ තෙවන ස්තාන දෙක තුළම එකම පුහුණුකරුවෙක් සිටීමයි.ජාත්‍යන්තර පිටිය තුළ දුලබ මේ දසුන සැබෑවක් කරපු පුහුණුකරු මීට දශකයකට වඩා මදක් වැඩි කාලයකදී නෝර්වේ වෘත්තීය පුහුණුකරුවන් අසළට ගොස් “අනේ මට කියාදෙන්න” කියා ඉල්ලා සිටි අසරණව සිටි මිනිසෙක්.ඔහු අද ඒ සියල්ල අභිබවා 1018 දී සමස්ත නෝර්වේම හොඳම පුහුණුකරු ලෙස ද සම්මානනීය වුණා.

පුහුණුකරු පසුබාන්න,අත අරින්න අකමැති දිනන්න මහන්සි වෙන කෙනෙක්.එහෙනම් එංගලන්තයේ ජොස් කෙර්ට මේ ජයග්‍රහණය රැක ගන්න විශාල දෙයක් කරන්න වෙනවා නිසැකයි.මොකද ධාවන පථයෙන් පිට සිටින කෙර් ට අභියෝග කරන ජිරාඩ් ඉන්ගජෙබ්රිග්ස්ටන් සිය ගෝලයෝ දෙන්න ඊ ළඟ තරග වාරයේ මීට වඩා සූදානම් කර එවන බව සහතිකයි.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...