කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ (LNW):

කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වේ. ඒ හොරණ, සිරිල්ටන්වත්ත ප්‍රදේශයේදීය.

පොලීසිය පවසන්නේ, ඊයේ (24) සවස් කාලයේදී මෙම ඝාතනය සිදුව ඇත්තේ පුද්ගලික ආරවුලක් දුරදිගයාමෙන් බවයි.

මියගොස් ඇත්තේ, සිරිල්ටන්වත්ත, මීවනපලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි කාන්තාවක් වන අතර මරණකාරිය හා නිවස ආසන්නයේ පදිංචිව සිටි පුද්ගලයෙකු සමග පැවති පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම පුද්ගලයා හා ඔහුගේ සහෝදරයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව වැඩිදුරටත් පොලීසිය පවසයි.

ඝාතනය සිදුකළ අවුරුදු 40 හා 44 යන වයස්වල පසුවන කනන්විල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...