ඊශ්‍රායල සොල්දාදුවන් කුර්ආන් පිටපත් පුළුස්සා දැමීම සම්බන්ධයෙන් ඊට එරෙහිව කෝපය ප්‍රකාශ කරන ලෙසත් හමාස් සංවිධානය අරාබි සහ මුස්ලිම් රටවල් සහ සංවිධානවලින් ඉල්ලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගියදා ඊශ්‍රායල් හමුදාව විසින් උතුරු ගාසාවේ බානි සාලේ මුස්ලිම් පල්ලියේ දී කුර්ආන් පිටු ඉරා දමා ඒවා පුළුස්සා දමන වීඩියෝ දර්ශන නිකුත් වීමත් සමඟ ඊශ්‍රායල හමුදාවන් හෙළා දකින ලෙසත් ඊට එරෙහිව කෝපය ප්‍රකාශ කරන ලෙසත් හමාස් සංවිධානය අරාබි සහ මුස්ලිම් රටවල් සහ සංවිධානවලින් ඉල්ලා තිබේ.

හමාස්හි පලස්තීන කණ්ඩායම මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, වෛරයෙන් පිරුණු සාපරාධී සොල්දාදුවන් සහ අපගේ ජාතියේ අනන්‍යතාවයට හා ශුද්ධත්වයට සම්බන්ධ ඕනෑම දෙයකට එරෙහිව ඔවුන්ගේ ෆැසිස්ට්වාදී හැසිරීම සනාථ කරන බවයි.

ගාසා රජයේ මාධ්‍ය කාර්යාලයට අනුව ඊශ්‍රායලය විසින් පසුගිය මාස 10 තුළ ගාසා තීරයේ මුස්ලිම් පල්ලි 610ක් සහ පල්ලි තුනක් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති අතර හමාස් සංවිධානය සමස්ත ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා තිබුණේ, මුස්ලිම් සහ ක්‍රිස්තියානි පූජනීය ස්ථාන ආරක්ෂා කිරීමට සහ ගාසා තීරයට එරෙහි යුද්ධය අවසන් කිරීමට සහය දක්වන ලෙසයි.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජනපද උපදේශක කණ්ඩායමක් වන ඇමරිකානු-ඉස්ලාමීය සබඳතා පිළිබඳ කවුන්සිලය(CAIR) සන්ධාන කර තිබුණේ, කුර්ආන් පිටපත් කෙලෙසීම සහ ගාසා තීරයේ මුස්ලිම් පල්ලි ඉලක්ක කිරීම මගින් ඊශ්‍රායලයේ ගාසාවේ පලස්තීන ජනතාවට එරෙහි යුද්ධය ඉස්ලාමයටම එරෙහි යුද්ධයක් බවට පරිවර්තනය කරන හෙයින් බිඩෙන් පරිපාලනය මෙම ආගමික අපකීර්තිය හෙළා දැකිය යුතු අතර ගාසා තීරයේ ඝාතන සහ සාගින්න ව්‍යාපාරය අවසන් කිරීමට යුධ ලබාදීම නවතා දැමිය යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...