පළමු වතාවට ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා ජනතාවට ආදර්ශයෙන් පෙන්වනවා – අනුර

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ (LNW):

‘රට අනුරට’ – ජාතික ජන බලවේගයේ තිස්සමහාරාම මහ රැලිය ඊයේ( 24 ) දින පැවැත්වුණි .

එහිදී, පළමු වතාවට ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා ජනතාවට ආදර්ශයෙන් පෙන්වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසීය .

ඔහු ඒ පිළිබඳව වැඩිදුරටත් පැවසුවේ ,


” ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනතාවට ජනතා ආණ්ඩුවක් හදන්න දැන් අවස්ථාව ලැබී තිබෙනවා. අපි ආණ්ඩුවක් හැදුවාට පස්සේ අපි මේ රටේ ජනතාවට පෙන්නන්නම් ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා. අපි මෙතෙක් කල් ආණ්ඩු කියලා දැක්කේ මොනවාද? මහජනයාගේ දේපොළ, හොරකම් කරන, නාස්ති කරන, රට වටේ ඉඩම් අල්ල ගන්න, ජනතා බිය ගන්වන, පොලීසියට අත පොවන පාලකයො තමයි ආණ්ඩු විදිහට දැක්කේ.

ඔබ හිතන්නේ ඒවා ආණ්ඩු කියලාද? අපි පළමු වතාවට මේ රටේ ජනතාවට ආදර්ශයෙන් පෙන්වනවා ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා. අද ජනතාවගෙන් 68%කට එක්කෝ තුන්වේල කන්න නැහැ. එක්කෝ කෑවත් හරි හමන් පෝෂ්‍යදායී කෑමක් නැහැ. ඒ කියන්නේ ආහාර ටිකවත් සපයා ගන්න බැරි තරමට ජනතාව දුප්පත් කරලා. අසනීපයකට බෙහෙත් ටිකක් ගන්න බැරි තරමට ජනතාව දුපපත් කරලා. දරුවන්ට උගන්වන්න වියදම් කරන්න බැරි තරමට ජනතාව දුප්පත්. මගුල් දවසෙ දාපු මුද්ද බැංකුවේ. දරුවගේ බෙල්ලේ බැඳපු තැල්ල බැංකුවේ. එහෙනම් මේ මොකද වෙලා තිබෙන්නේ. රට දුප්පත්. ආණ්ඩුව දුප්පත්. ජනතාව දුප්පත්. මහින්ද පොහොසත්. පාලකයෝ පොහොසත්. දීර්ඝ කාලයක් තිස්සේ සිද්ධ වුණේ ඕකයි” ලෙස පැවසීය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...

ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා අවස්ථා. එරට කැබිනට් අනුමැතියත් ලැබෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් රැකියා සඳහා...

තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති...

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...