රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW:
මාතලේ පොලිස් ස්ථානයේ රඳවා සිටි සැකකරුවෙකු හදිසියේ අසනීප වීමෙන් පසු රෝහල්ගත කරන අවස්ථාවේදී මියගොස් ඇත.
අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3,010 ක් ළඟ තබාගැනීමේ චෝදනාව මත මාතලේ දූෂණ මර්දන අංශය විසින් ඉන් පෙර දින මොහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම පුද්ගලයා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකි.
පොලිසිය සඳහන් කළ පරිදි මියගිය පුද්ගලයාට එරෙහිව දිවයිනේ විවිධ පොලිස් ස්ථාන දහයක පමණ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු විභාග වෙමින් පවතී.
මෙම හදිසි මරණය පිළිබඳව මේ වන විට අවශ්‍ය පරීක්ෂණ කටයුතු අදාළ අංශ විසින් අඛණ්ඩව සිදු කරමින් පවතී.


