ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:දූෂණ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (20) ප්‍රතික්ෂේප කළේය.
ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
පොස්පේට් අපනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගම් තුනකට බලපත්‍ර ලබාදීමට රුපියල් ලක්ෂ 84 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චාමර සම්පත් දසනායක මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මේ අතර ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකාර ජානකී සිරිවර්ධන ලබන මස 01 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කර තිබේ.
එම විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 01 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) අල්ලස් කොමිසමට නියම කළේය.
සැකකාර නාමල් රාජපක්ෂ මහතාද බන්ධනාගාරයේ සිටියේ නම් එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.


