පැනපු අයගේ ගාණට එකතු නොවුණු මාධ්‍යවේදීන් දෙදෙනෙක්

Date:

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ කණ්ඩායමේ සිටි මාධ්‍යවේදීන් දෙදෙනෙක්ද වාර්තා නොවුණාට අතුරුදහන් වී ඇති බව ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් පැවසුවා.
අද ජාතික ඔලිම්පික් කමිටු නිවහනේදි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභින් ඇගයීමේ උත්සවය සමඟ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් ජාතික ඔලිම්පික් කමිටුව සංචාරක නියෝජිතයෙක් ලෙසට කටයුතු කරන බවට චෝදනා ඇතැයි මාධ්‍යවේදියෙක් පෙන්වා දුන් අවස්ථාවේ ඔලිම්පික් කමිටු සභාපතිවරයා මේ බව පැවසුවා.
සුවිශාල පරිසරයක ස්ථාන හතරක කණ්ඩායම ලැඟුම් ගෙන සිටි බවත්,එය ආවරණය ඉතා දුෂ්කර කටයුත්තක් වූ බවත් ඔලිම්පික් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නා.ඒ සම්බන්ධයෙන් කරන ලද විශාල වැඩ කොටසක් තිබෙන වත් ඔහු පෙන්වා දුන්නා.

කණ්ඩායම් ප්‍රධානි හැටියට සහභාගි වූ දම්පත් ප්‍රනාන්දු පැවසුවේ පළමු අතුරුදහන් වීමේ දි පොලිසියෙන් මෙසේ හැර යාම සඟවාගෙන තියා ගන්නට ඉල්ලීමක් කළද ඒ සියලු තොරතුරු පොලිසිය මාධ්‍යයට ලබා දුන් බවයි.ඒ හරහා මාස හයක් විසා පවතින බැවින් ඒ කාලය තුළ අත් අඩංගුවට ගැනීමට ඉඩ නැති බව ද එම වාර්තාවල පෙන්වා දුන් නිසා තවත් අයට එය පැන යාමට රුකුලක් වූ බව ද දම්පත් ප්‍රනාන්දු පෙන්වා දුන්නා.

රාජ්‍ය තාන්ත්‍රික සංචාරයකදි මෙසේ අතුරුදහන් වීම හෝ පළා යාම නුසුදුසු වෙනවා විනා රටේ තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා කරද්දී නිතර රටේ පිරිහීම ප්‍රකාශ කරන සිඳුවීමක් ලෙස පෙන්වා දෙන විදෙස් ගමන් බලපත් පෝලිමටම මේ පළායාමත් අදාළ වෙනවා.නමුත් මේ සම්බන්ධයෙන් මා‍ධ්‍යවල පළවන වාර්තා සම්බන්ධයෙන් ද අතුරුදහන්විම සම්බන්ධයෙන්ද, ක්‍රීඩා අමාත්‍යංශය ජාතික ඔලිම්පික් කමිටුවද හවුල් කරගෙන පරීක්ෂණයක් කරන බව මෙහිදි ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අමල් හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා.ඒ පරීක්ෂණ සඳහා අවධානය යොමු නොවුණු පැතිකඩක් හැටියට ඔවුන්ගේ ශ්‍රී ලංකාවේ භාවිතයට ගත් දුරකතන සංවාද ද පරික්ෂාවට ලක් කර හැකිනම් තව දුරටත් මෙහි පිරිසිදු බව පෙන්වීමට එය වැදගත් වේවි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...