රනිල් අධිකරණයට රැගෙන නොයාමට තීරණයක්: ‘සූම් ඔස්සේ සම්බන්ධ කර ගැනීමට පියවර’


රාජ්‍ය මුදල් අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරෙහි නඩුව අද (අගෝස්තු 26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිත යි.

කෙසේ වෙතත්, අද දිනයේ නඩු විභාගය සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණය වෙත රැගෙන යාමට නොහැකි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ බීබීසී සිංහල වෙත පවසා ඇති බව බීබීසී පුවත් සේවය පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, රනිල් වික්‍රමසිංහ සූම් ඔස්සේ නඩු විභාගයට සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන බව යි.

“අද ගෙනියන්නේ නැහැ. බොහෝ දුරට සූම් ඔස්සේ සම්බන්ධ කර ගන්න තමයි අපි හිතන් ඉන්නේ. වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුක්ත කමිටුවකින් තීරණය කරලා තියෙනවා දැඩි සත්කාර ඒකකයෙන් ගෙනියන්න එපා කියලා.”

දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති කිහිපයක් යටතේ සහ පොදු දේපළ පනත යටතේ වන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත්තේ ඉකුත් 22 වන දා යි.

එදින ම අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු ඔහු අගෝස්තු 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

බීබීසී NEWS සිංහල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...