සමාජ මාධ්‍ය මඟින් අධිකරණ තීන්දුවලට බලපෑම් කිරීම පිළිබඳ BASL වෙතින් අනතුරු ඇගවීමක්!

Date:

කොළඹ LNW:අධිකරණ තීන්දු පිළිබඳ සමාජ මාධ්‍ය සහ යූටියුබ් නාලිකා ඔස්සේ ඇතැම් පුද්ගලයන් විසින් සිදු කරන ප්‍රකාශ සහ අනාවැකි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය කනස්සල්ල ප්‍රකාශ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ එවැනි ක්‍රියාවන් නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණ පද්ධතිය පිළිබඳ මහජන විශ්වාසයට හානි කරන බවයි.

එම ප්‍රකාශයන් අධිකරණ සේවා කොමිසමේ (JSC) සහ අධිකරණයේ විෂය පථය යටතේ ඇති ස්වාධීන ආයතන ඉලක්ක කර ඇති බවත්, අග්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනකුගෙන් සමන්විත අධිකරණ සේවා කොමිසම, මහාධිකරණ විනිසුරුවරුන්ගේ සහ අනෙකුත් අධිකරණ නිලධාරීන්ගේ පත්වීම්, උසස්වීම්, ස්ථාන මාරු සහ විනය පාලනය අධීක්ෂණය කරන බවද එම නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව අධිකරණයේ ස්වාධීනත්වය බාහිර බලපෑම්වලින් ආරක්ෂා කළ යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.

එවැනි මැදිහත්වීම් සිදුකරන පුද්ගලයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(C)(1) සහ (2) වගන්තිය යටතේ නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණදිය හැකි බව අතර එවැනි ක්‍රියාවලට අධිකරණයට ඇඟිලි ගැසීම් ලෙස සළකා දඬුවම් පැමිණවිය හැකි බව පෙන්වා දෙයි.

නඩු තීන්දුවලට බලපෑම් කිරීමට දරන මහජන ප්‍රකාශ සහ විවරණ, නීතියේ නිසි ක්‍රියාදාමයට තර්ජනයක් බවද, නීතියේ ආධිපත්‍යය, නීතියේ නිසි ක්‍රියාදාමය සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් හා නිදහස සැමවිටම ආරක්ෂා කරන ලෙසද නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගෙන් එම සංගමය ඉල්ලා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් පිටත දැන් තත්ත්වය! (PHOTOS)

කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට...

හිටපු ජනපති රනිල් සිරගත කෙරුණේ පෝල් සාමිවරයාගේ ආරාධනය නිසා?

හිටපු ජනපති රනිල් සිරබත් කන්නේ පෝල් සාමිවරයාගේ ආරාධනය නිසා?