කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇප ලබාගැනීමට අදාළව කරුණු දක්වමින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.
ඔහු පවසා ඇති අන්දමට රනිල් වික්‍රමසිංහ මහතාගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක් අවහිර වී ඇත.
ඊට අදාළ වෛද්‍ය වාර්තාවක් නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර තවදුරටත් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා පවසා ඇත්තේ
හිටපු ජනාධිපතිවරයා කලක පටන් වගුගඩු රෝගී තත්ත්වයකින් පෙළෙන බවයි.
හෘද වස්තුවේ පටක මිය යාම මෙන්ම පෙනහළු ආසාදනයක් මේ වන විට පෙන්නුම් කරන බවත් නීතීඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට බරපතල ජීවිත අවධානමක් මතුව ඇති බවයි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ අවධාරණය කර ඇත්තේ.
ප්‍රශ්නගත විදෙස් සංචාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දීලීප පිරීස් මහතා අධිකරණයේදී කරුණු දක්වමින් පවසා ඇත්තේ හිටපු ජනාධිපති රනිල්ගේ එංගලන්ත සංචාරයේදී කිසිදු රාජ්‍ය නායකයෙක් හමුව නැති බවයි.
මේ අතර වික්‍රමසිංහ මහතාට සහය පළකරමින් පාක්ෂිකයින් තවදුරටත් අධිකරණයෙන් පිටත රැස්ව සිටියි.
ආශිකා බ්‍රාහ්මණ
