අත්‍යාවශ්‍ය ඖෂධ 91ක තොග බිංදුවයි. බලධාරීන් වගේ වගක් නැතුව ඉඳලා – GMOA

Date:

මධ්‍යම ඖෂධ ගබඩාව තුළ පසුගිය සතිය අවසන් වනවිට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 91ක තොග ශුන්‍යය වී තිබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි.

“මධ්‍යම ඖෂධ ගබඩාව තුළ පසුගිය සතිය අවසන් වනවිට අත්‍යාවශ්‍ය ඖෂධ 91ක තොග බිංදුවයි. එහෙම නැත්නම් ශුන්‍යයයි. ඒ කියන්නෙ එකම පෙත්තක්වත් මාත්‍රාවක්වත් නෑ. සමහරක් ඖෂධ අපට නැහැයි කියන එක හිතාගන්නවත් බැරි ඖෂධ. සමහර නිර්වින්දන ඖෂධ, පිළිකා නාශක ඖෂධ, ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධවලට දෙන ඖෂධ, හෘද රෝග ඖෂධ, වේදනා නාශක ඖෂධ, මේ සියල්ලෙම තොග බිංදුව වෙනකල් බලධාරීන් වගේ වගක් නැතුව ඉඳලා තියෙනවා කියන එක තමයි මේ වාර්තාව හරහා අපට පෙන්නුම් කරලා දෙන්නෙ.

මේ වෙනකොට මහරගම අපේක්ෂා රෝහලේ බොහෝ ඖෂධ හිඟයි. සමහර ඖෂධ ඇත්තෙම නැති තත්වයට පත්වෙලා තියෙනවා. එක වේලකට මේ ඖෂධ ගන්න සමහරවිට රුපියල් 10,000 – 15,000 රෝගීන්ට වියදම් කරන්න වෙලා තියෙනවා. මධ්‍යම ඖෂධ ගබඩාව තුළ අපට මාස තුනක ස්ටොක් තියෙන්න ඕනෙ. දිස්ත්‍රික් මට්ටමෙන් තියෙන ඖෂධ ගබඩා තුළ සාමාන්‍යයෙන් මාස දෙකක ස්ටොක් තියෙන්න ඕනෙ. ප්‍රධාන රෝහල්වල අඩුගාණේ මාසෙක ස්ටොක් තියෙන්න ඕනෙ. මේ කිසිදු තැනක ප්‍රශස්ත තොග නෑ. අවසානෙදි රෝගීන්ට සිද්ධ වෙන්නෙ ඉතාම අසාධාරණ මිලකට පෞද්ගලික අංශයෙන් මේ ඖෂධ මිලදී ගන්න”

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මානුෂිය ආධාර කප්පාදුව හේතුවෙන් මරණ මිලියන 14කින් ඉහල යන ලකුණු

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...