එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති හා ලේකම්වරයා ලබන 10 වැනි දින දක්වා යළි බන්ධනාගාරයට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ (LNW):

අද (27) දින, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත්වීම සඳහා පක්ෂය ලබාදීමට රුපියල් ලක්ෂ 300ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති හා ලේකම්වරයා ලබන 10 වැනි දින දක්වා යළි බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, අනතුරුව බන්ධනාගාර ගත කර සිටි හක්මන,හේවා වලිමුණිගේ නිහාල් ප්‍රේම කුමාර,දෙනගම රුවන්තිලක පේදුරුආරච්චි මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ බව සඳහන් වේ.

ඇපමත මුදාහැර සිටින නිත්‍ය ලේකම් වන සිදුවේ පදිංචි මාර්ටින් සරච්චන්ද්‍ර වීරවර්ධන, කුත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් වන හක්මන රංගන කුමාර පියදර්ශන,ගල් නෑවේ චන්දන සුගත් නිශාන්ත, ඔහුගේ බිරිඳ ගල්නෑවේ කපුරු බණ්ඩාගේ නිල්මිණී පුෂ්ප කුමාරි,හක්මන නිලුෂි සේනානායක හා ගම්පොළ සන්ධයා කුමාරී ස්වර්ණලතා ජන සැකකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙසටද නියෝග කළ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් මීළඟට අත්පත්කර ගන්නේ ග්‍රීන්ලන්තයද ?

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

BYD සුපිරි චීන සවාරියට ගිය ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට වාහන මිලදී ගැනීමට ඩිස්කවුන්ටුත් දීලා ?

BYD සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය...

කැරකස් සිට නිව්යෝර්ක් අධිකරණය දක්වා; වෙනිසියුලානු ජනාධිපති අද දිනයේ නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

වැසි තත්වයේ වෙනසක් – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ...