*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

ග්‍රාමීය ආර්ථිකය නංවන නාමල්ගේ යෝජනාව!

කොළඹ LNW:ග්‍රාමීය ආර්ථිකය සවිමත් කරමින් අසරණ ජනතාව දුප්පත්කමින් මුදා ගන්නා සමෘද්ධි ව්‍යාපාරය, තම ආණ්ඩුවක් තුළ තවදුරටත් ශක්තිමත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

සමෘද්ධිලාභියා ව්‍යවසායකයෙක් බවට පත්කරන බව පෙන්වාදෙන ඒ මහතා සමෘද්ධි පවුලක දරුවාට දේශීය විදේශීය රැකියා වෙළදපලට යාමට අවකාශය සලසන බවද ඒ අනුව එම ජනතාව සැමදා සමෘද්ධි ප්‍රතිලාභින් වෙනවා වෙනුවට දේශීය ආර්ථිකයට ආදායම් උත්පාදනය කරදෙන පිරිසක් බවට පත්කරන බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

2024 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් කුරුණෑගල, රිදීගම සතිපොළ ක්‍රීඩාංගණයේ දී ඊයේ (26) පස්වරුවේ පැවැති ජනහමුවට එක්වෙමිනින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජනරැලිය පැවැත්විණි.

”අපි හැමදාම විශ්වාස කරන්නේ ග්‍රාමීය ආර්ථිකය හක්තිමත් කිරීමෙන් පමණයි අපේ රටේ ආර්තිකය හදන්න් පුළුවන්. අපි හැමදාම විශ්වාස කළ කාරණය කමයි ගොව්යා, ධීවරයා, කම්කරුවා ශක්තිමත් කිරීම තුළ ගමේ ජීවත්වන ව්‍යාපාරිකයා ආරක්ෂා කිරීම තුළ පමණයි අපේ රටේ ආර්ථිකය දීර්ඝකාලීනව ශක්තිමත් කරන්න පුළුවන්. ඒ නිසා මම විශ්වාස කරනවා අපි හදන ආණ්ඩුවක් තුළ මේ රටේ ගමේ ජීවත්වන දෙමාපියන්ගේ අතට මුදල් ලැබෙන විදියට මේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕන. ගමේ ව්‍යවසායාට ගමේ සමූපකාර ව්‍යාපාරය, සමෘද්ධි ව්‍යාපාරය හරහා ග්‍රාමීය බැංකු පද්ධතිය හරහා ගමේ ව්‍යවසායකයාට අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය ලබාදීමට අදාළ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරනවා. සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කරන්න ඕන. ඇයි මේ සමෘද්ධිය දෙන්නේ කියලා අද සමහරු සිතනවා. ඇයි 5000 බැඟින් දෙන්නේ කියනවා. එහෙම කියපු අය අස්වැසුම ගෙනවිත් මාස තුනෙන් හයෙන් නැතිවන ව්‍යාපෘති නිර්මාණය කළා. සමෘද්ධි ව්‍යාපාරය තුළ තමයි මේ රටේ ග්‍රාමීය ආර්ථිකය වගේම අහිංසක දෙමාපියන් දුප්පත්කමින් එළියට ගන්න පුලුවන් වැඩපිළිවෙළ තිබෙන්නේ කියලයි අපි විශ්වාස කරන්නේ. ඒ අනුව මම හදන ආණ්ඩුව තුළ සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කරනවා. අපි සමෘද්ධිලාභියා ව්‍යවසායකයෙක් බවට පත් කරනවා. සමෘද්ධි පවුලක දරුවාට දේශීය විදේශීය රැකියා වෙළදපලට යන්න අවකාශය අපි සකස් කරනවා. ඒ අනුව එම ජනතාව හැමදාම සමුර්දි ප්‍රතිලාභින් වෙනවා වෙනුවට ඔවුන් දේශීය ආර්ථිකයට ආදායම් උත්පාදනය කරදෙන අයෙක් බවට පත්කරනවා. එයයි අපි මේ රටේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් අපි දේශීය ව්‍යාපාරිකයා ගොඩනගන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරයේ මූලික හරයන් ආරක්ෂා කරන්නත් බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan